
( 9.00 am ) මීගමුව මහනගර සභාව සදහා මෙවර ලියාපදිංචි ප්‍රධාන දේශපාලන පක්ෂ 7 ක් පමණ තරග වැදිමට නියමිතව ඇතැයි වාර්තාවේ .
මේ අතර දැනට දැනගන්නට ලැබෙන තොරතුරු අනුව ස්වාධින කණ්ඩායම් 10 කට වඩා ඉදිරිපත් වන බවට දැනට තොරතුරු ලැබෙමින් පවති.
මිගමු මැතිවරණ ඉතිහාසයේ වැඩිම ස්වාධින කණ්ඩායම් ගණනක් ඉදිරිපත් වන මැතිවරණය මෙය විය හැකි බවද අප කළ විමසුමකදි මිගමුවේ ජේෂ්ඨ දේශපාලකයෙකු කියා සිටියේය .
මෙම ස්වාධින කණ්ඩායම් නියෝජනය කරමින් හිටපු නාගරික මන්ත්‍රින් 8 දෙනෙකු පමණ මෙවර ඉදිරිපත්ව ඇති බවට තොරතුරු වාර්තා වන අතර හිටපු උප නගරාධිපතිවරයෙකුද මේ අතර වේ.
පවතින පසුබිම තුල මාලිමාවට සරල බහුතරය ලබා ගැනිම වෙනුවෙන් තියූණු සටනක් කිරිමට සිදුවන බව දැනටමත් මිගමුවේ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන ක්‍රියාකාරින් විසින් පවසා තිබේ.
මැතිවරණයට ඉදිරිපත්ව ඇති ප්‍රධානම පක්ෂ දෙක වන ජාතික ජන බලවේගය සහ සජබ යන දෙකටම ආදල විවිධ අභ්‍යන්තර ගැටුම් මතුව ඇති බවට තොරතුරු සමාජ ගත වන්නට පටන් ගෙන ඇති අතර විශේෂෙයන්ම මාලිමාව මෙහිදි මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය විය හැක්කේ ශක්තිමත් නගරාධිපති අපෙක්ෂකයෙකු ඉදිරිපත් කිරිමට නොහැකිව තිබිමය.
ඒහි වගකිම ජවිපෙට සම්බන්ධ නායකයන් විසින් භාරගත යුතුව ඇතැයි මිගමුවේ ඇතැම් මාලිමා ක්‍රියාකාරින් විසින් දැනටමත් එළිපිට විවේචන ගෙනඒ්මට පටන් ගෙන තිබේ.
මෙය සැබැවින්ම කණගාටුදායක තත්වයකි.
මෙවර මැතිවරණයට පෙරටුගාමි පක්ෂයෙන් අත්දැකිම් බහුල කැපවුන නායකයත්වයට හිමිකම් කියන බොහෝ අයගේ ඇගයුමකට ලක්ව ඇති ජවිපෙ හිටපු නාගරික මන්ත්‍රීවරයකුද ඉදිරිපත්ව ඇති බව සැලය.
ඔහු මෙවර නගර සභාවේ සිටිය යුුුතුම අයෙකු බවට ප්‍රගතිශීලි සමාජ ක්‍රියාකාරින් සිය අදහස් දක්වා සිටිති.