ප්‍රභාත් ඔබට සුබ ගමන් ……

0
490

මිගමුවේ බොහෝ දෙනෙකු ඔහු ඇමතුවේ ඩොක්ටර් ප්‍රභාත් යනුවෙනි. වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු වු ඔහු දෙමළ ජාතින්ගේ අයිතින් වෙනුවෙන් කොන්දේසි විරහිතව සිය දේශපාලනය තුල සහය පළකළ අයෙකි.ඔහුගේ ජීවිතය තුළ ඔහු කුමන දේශපාලනයක නිරත වුවද සමාජය වෙනස්කිරිම වෙනුවෙන් යහපත් වැඩක් කරන ඕනෑම කන්ඩායමකට, පුද්ගලයෙකු සමග එක්වීමේ ගුණයක් ඔහු සතුවිය. ඒ වගේම ඔහු ඉතාම නිරංකාර ,මිත්‍රශීලි මිතුරෙකි.

රාජපක්ෂ රෙජිමය පලවා හැරිම සඳහා රටපුරා දියත් වු අරගලයට ශක්තියක් වෙමින් ⁣මිගමුවේදි දින 100ක් පුරාවට ක්‍රියාත්මක වු අරගලය මිගමු⁣වේ ජනයාගේ ඉතා සුවිශේෂි ලෙසින් මතකයේ රැඳී ඇත.

එසේම ඒ අරගලයට කිසිඳු ආකාරයකින් පංගු බේරු නොබලා හදවතින් ශක්තිය දුන් සැමදෙනාමද මිගමුවේ සටන්කාමි.හදවත් තුල සදාකල් මතකයේ රැදෙනු ඇත.

අප කව්රුත් ආදරයෙන් ඇමතු ඩොක්ටර් ප්‍රභාත් යනු සටන්කාමි හදවත් තුල කිසිදා නොමියන චරිතයකි.

wp 17091256301524383465976976241912
wp 17091256303372503827509377480881
wp 17091262148691408177159420531493
wp 17091256299435864817385951812797
wp 17091262147181752635986192219995

එහෙත් දැන් ඔහු අපෙන් සමුගෙන හමාරය.ඔහු පිළිබද ඒ ආදරණිය මතකය කිසිදාක අපට අමතක කළ නොහැක.

මිගමුව තෙල්වත්ත හංදියේ මහපාර අසල අප ඉදිකර තිබුන අරගල මධ්‍යස්ථානයට දෙල් ,තබ්බා ,සම්බෝලද ඔහු විසින්ම පිළියෙල කරගෙන රෝද තුනේ යතුරු පැදියෙක් හැරමියටද රැගෙන අප බලන්නට ආ වාර අනන්තය.

ඩොක්ටර් ප්‍රභාත් ඔබ වැනි ප්‍රතිපත්තිගරුක මිනිසුන් අවැසිම සමයක ඔබ අපගෙන් සමුගෙන ඇත.

ඩොක්ටර් ප්‍රභාත්ගේ දේහය මීගමුව, තලාදූව පාරේ, ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර හෙට (29) මඤ්ඤොක්කහේන සුසාන භූමියේ දී අවසන් කටයුතු සිදුකරනු ඇත .

wp 17091262150537596412398192015788
wp 17091262151585709588548226159415

wp 17091262149604101908000968178406
wp 170912563019449471894602750131
wp 17091262155602242524409521467306

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here