ප්‍රංශයේ ශ්‍රීලංකිකයන්ගේ උද්ඝෝෂණයක් (සේයා -වීඩියෝ)

0
102

ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් මර්දනය සමග මහජනතාව අපහසුතාවයට පත් කරවන හදිසි නීතිය, මහජන ආරක්ෂක පනත, පොදු දේපල පනත ආදිය උපයෝගී කර ගනිමින් මාධ්‍යවේදීන්, විරුද්ධ මතධාරීන් හා මහජනතාව මර්දනය කිරීමට කටයුතු කරන බැවින් එම අන පනත් හකුලා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරනු යන සටන් පාඨ ප්‍රදර්ශනය කරමින් ප්‍රංශයේ අගනුවර පැරීසියේ දී සැප්තැම්බර් මස 18 වෙනි සෙනසුරාදා සවස 04ට උද්ඝෝෂණයක් පැවැත් වුයෝය.      එම උද්ඝෝෂණය පැවතියේ ප්‍රංශයේ අගනුවර පැරීසියේ පිහිටි රිපබ්ලික් මහජන චතුරශ්‍රයේදී (Place de la Republiqe) ය.       ප්‍රජාතන්ත්‍රවාදය අගයන සිංහල, දමිළ, මුස්ලිම්  ශ්‍රී ලාංකිකයන් පිරිසක් සහභාගීවූ මෙම උද්ඝෝෂණය ‘ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ප්‍රංශයේ ශ්‍රී ලාංකිකයෝ’ නම් සංවිධානයක් විසින් සංවිධානය කර තිබුනේය.     (සුනිල් ආනන්ද පැරීසියේ සිට)sunilanandadisney@gmail.com

theleader.lk