ප්‍රකට ව්‍යාපාරිකයෙකු ජාඇල කිඳිගොඩ අභයභූමිය විනාශ කරලා ?

0
95

IMG-8120bf5b93fad57033f415621c823615-V

ජාඇල , කිරිඳිගොඩ ප්‍රදේශයේ අක්කර 100 ක භූමිභාගයක් අනවසරයෙන් එළිපෙහෙලි කොට එහි පොල්පැල වගාකර ඇත .මේගැන අවධානය යොමු කරමින් සැකකරුවන් දෙදෙනකු වනජීවි දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද මේ පිළිබඳව මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියෙහි කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව ලක්ෂයක ඇප මත මෙම සැකකරුවන් නිදහස් කරන ලදී . වනජීවි දෙපාර්තමේන්තුව විසින් ගොනුකර ඇති මෙම නඩුවේ පැමිණිල්ලේ පාර්ශවය නියෝජනය කරන්නේ මුතුරාජවෙල අඩවි ආරක්ෂක කලාපයේ ස්ථානාධිපති ලසන්ත ගුණවර්ධන සහ බුද්ධික අතුකෝරල මහත්වරුන් විසින්ය .
මීලඟ නඩු වාරය අප්‍රෙල් 24 වනදිනට කල් තැබින.
මෙම අනවසර කටයුත්ත ආරම්භ කර තිබුනේ  2018 වසරේ සිටය. ක්‍රමානුකූලව ටිකෙන් ටික මෙසේ මෙම භූමිය එලිපෙහෙලි කර ඇත.
මෙම ක්‍රියාවලිය මෙහෙයවන්නේ නම ගිය ව්‍යාපාරිකයකු වන අතර ඔහු මෙම අභයභූමිය තමන්ට නතු කර ගැනීම සඳහා ඉතා සූක්ෂ්ම ලෙස කටයුතු කර ඇති පෙනි යයි.
මෙය බරපතල පාරිසරික ප්‍රශ්ණයකි . මෙහි තිබුනු විවිධ වර්ගයේ ශාඛ කපා දමා ඇති නිසා මෙම ස්ථානය වාසස්ථානය කරගෙන සිටි, විවිධ සත්ව වර්ග සහ කුරුළු වර්ග අතුරුදහන් වී ඇත .