ප්‍රජාත්ත්‍රවාදී රජයක් යටතේත් තවදුරටත් වරණයට ලක්වන මියන්මාරය.

0
104

twilight

1962 වසරේදී මියන්මාරයේ  හෙවත් බුරුමයේ සිදුවූ කුමන්ත්‍රණයක් ඇසුරෙන් සකස් වූ චිත්‍රපටයක් වන “Twilight Over Burma: My Life as a Shan Princess”  චිත්‍රපටය එරට පැවැත්වෙන මානව හිමිකම් හා මානව ගරුත්වය සම්බන්ද චිත්‍රපට උළෙලකදී ප්‍රදර්ශණය වීම තහනම් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. එයට හේතු පැහැදිලි කරමින් රජය පවසා ඇත්තේ මේ චිත්‍රපය ප්‍රදර්ශණය මගින් එරට හමුදාව සම්බන්දයෙන් ඝෘණාත්මක නිරූපණයක් සිදුවන නිසා එය එරට ජාතික සංහිදියාව ගොඩනැගීමේ ක්‍රියාවලියට ගැළුවක් විය හැකි බැවින් මේ පියවර ගනු ලැබූ බවයි.

මේ කථාව ගෙතී ඇත්තේ ඕස්ට්‍රියානු සම්භවයක් ඇති තරුණියක් මියන්මාරයේ ජනවාර්ගික අරගලයේ නායකයෙක් හා විවාහ වී සිටියදී 1962 මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයත් සමග ඒ නායකයා අත්අඩංගුවට ගැනීමක් හා සම්බන්දවයි.එලෙසම මේ වන විටත් එම ජනවාර්ගික නායකයාගේ මරණය ඇත්තේ අභිරහසක් වශයෙන් බවත් වාර්ථා වෙනවා.

2012 වසරේදී ඇරඹි මෙම චිත්‍රපට උළෙල ආරම්භ කිරීමේ අරමුණ වුයේ චිත්‍රපට අවියක් වශයෙන් භාවිතා කර එරට ජනතාව අතර මානව හිමිකම් සමිබන්දයෙන් ඇති දැනුවත්භාවය වැඩි කිරීමයි. එලෙසම මියන්මාරයේ පොදු ජතනාව අතර  මානව හිමිකම් සම්බන්දයෙන් කථාකාවතක් ගොඩනැගීම සදහා චිත්‍රපට මාධ්‍යයක් වශයෙන් යොදා ගැනීමත් මෙලෙස චිත්‍රපට උළෙලක් ආරම්භ කිරීමේ අරමුණූ අතර ප්‍රධාන වී තිබෙනවා.

කෙසේ හෝ 2010 වසර වනතෙක් මියන්මාරය යටත්ව පැවතියේ හමුදා පාලනයක් යටතටයි. ඉන්පසුව එම පාලනය වෙනුවට හමුදා සහය ලබන සිවිල් පාලනයක් ස්ථාපිත වූ අතර  එම රජය මගින් මාධ්‍යමර්දනය නැවත්වීම, නිදහස් මැතිවරණ පැවැත්වීම හා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම වැනි වෙනස් කම් කිහිපයක් සිදුකරනු ලැබුවා. නමුත් පසුගිය වසරේදී එම පාලනයත් පරාජය කරමින් නොබෙල්  ත්‍යාගලාභී අවුන් සාන් සුකී මැතිනියගේ නායකත්වයෙන් යුතු නව ප්‍රජාතන්ත්‍රවාදී රජයක් බලයට පත්වීම සිදුවුණා.

එම රජය යටතේ විවිධ ජනවර්ග 100 පමණ ජීවත් වන මියන්මාරය තුල ජනවාර්ගික සමගිය ඇති කිරීමේ වැඩපිලිවෙලක් ආරම්භ කර තිබෙනවා. එ අනුව යමින් එරට අවිගත් විවිධ ජන කොටස් සමග මේ වන විට සටන් විරාම ගිවිසුමකට එළඹ ඇති එරට රජය එට තුල සමගිය ඇති කල හැක්කේ කෙසේද යන්න පිලිබදව මේ සියළුම ජන කොටස් සමග සාක්ච්ඡා කිරීමට කටයුතු කරමින් සිටින බවත් වාර්ථා වෙනවා. එම නිසා තත්වය එසේ තිබියදී එරට හමුදාව සම්බන්දයෙන් ඝෘණාත්මක නිරූපණයක් දැක්වෙන චිත්‍රපටයක් මේ සිනමා උළෙලේදී ප්‍රදර්ශණය කිරීම මේ සංහිදියා ක්‍රියාවලියට ඝෘණාත්මක බලපෑමක් සිදුකරුණු ඇති බවයි රජය පවසන්නේ.

චිත්‍රපට උළෙලේ සංවිධයකයන් මේ ආකාරයෙන් චිත්‍රපටයක් ප්‍රදර්ශණය නොකිරීම සම්බන්දයෙන් ප්‍රජාවගෙන් සමා ඇයද සිටියත් මානව හිමිකම් ක්‍රියාධරයින් පවසන්නේ සැබෑ ලෙසම මියනමාරය තුල සංහිදියාව ඇති කිරීමට රජයට අවශ්‍යතාවයක් ඇත්නම් අතීතයේ මෙන්න වර්ථමානයේද සිදුවූ වැරදි ක්‍රියාවන්, මානව හිමිකම් කඩවන සිදුවීම්, වැනි දේ වාරණයකින් තොරව විවෘතව සංවාදයකට ලක්විය යුතු බවයි.හමුදා පාලනයක් පරාජය කරමින් පැමිණි නව ප්‍රජාත්නත්‍රවාදී රජයේ මේ සංහිදියාව ඇති කිරීමේ උත්සාහය සදහායැයි කියමින් සිදුවන මේ ආකාරයේ වාරණයනන් තමන් මේ රජයෙන් බලාපොරොත්තු නොවූ බවත් මානව ක්‍රියාකාරීන්ගේ අදහස වී තිබෙනවා.

 

පරිවර්තන සටහන – මිතිලායා ගමගේ

උපුටා ගැනීම – https://globalvoices.org

Save