spot_img
spot_img
Saturday, November 16, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
Home News ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 625 ට නගී ! කොරෝනා ආසාදිතයන් 2617...

ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 625 ට නගී ! කොරෝනා ආසාදිතයන් 2617 දක්වා ඉහලට !

0
103
Life-with-Corona

ඊයේ රාත්‍රී 10.00 වන විට ජාතික බෝවන රෝග මර්ධන ඒකකය විසින් නිකුත් කරන ලද වාර්තාව අනුව කොරෝනා වයිරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව තවත් 10 කින් වැඩිවී තිබේ. ඒ අනුව මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 623 කි. ඒ අනුව  ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් සංඛ්‍යාව 614 ක් වූ අතර පැය 7 ක් ඇතුළතදී එය 623 දක්වා ඉහළ ගොස් තිබුණ අතර ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වයිරසය ආසාදනය වූ සම්පූර්ණ සංඛ්‍යාව ඊයේ වන විට  2615 දක්වා ඉහළ ගොස් තිබේ.මේ අතර රාජාංගනයෙන් තවත් ආසාදිතයන් දෙදෙනෙක් හමුවිමත් සමගින් සමගින් මේ වන විට සමස්ත ආසාදිතයන් 2617 දක්වා ඉහල ගොස් තිබේ.ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයන් 106ක් වාර්තා වී තිබ්. ඒ රාජාංගණයේදී තවත් කොවිඩ් කොවිඩ් ආසාදිතයන් 2ක් වාර්තාවීමත් සමගිනි. ඔවුන් කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයකු ළඟින් ඇසුරු කළ අය වෙයි.

මේ අනුව සමස්ත ආසාදිතයන් ගණන 2617ක් දක්වා වර්ධනය වී තිබේ

රෝහල්වල ප්‍රතිකාර ලබන අය – 625

සුව වීම් –  1981

මීට අමරතව ඊයේ වාර්තා වූ රොගීන්ගේ විස්තර

එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි 1යි – නිරෝධායනයට ලක්වෙමින් සිටින

බංග්ලාදේශයේ සිට පැමිණි 2යි – නිරෝධායනට ලක්වෙමින් සිටින

බෙලාරූස් සිට පැමිණි 5 – නිරෝධායනයට ලක්වෙමින් සිටින

ඉරානයේ සිට පැමිණි වෙළෙඳ නාවිකයන් 2යි – නිරෝධායනයට ලක්වෙමින් සිටින

කන්දකාඩු පුනරුථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුරු මධ්‍යස්තානයට මාරු කළ රැඳවියන් 76ක්

පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ආශ්‍රිතයන් 14ක්

රාජාංගනයේ පදිංචිකරුවන් 4ක් – කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ අය
මුලාශ්‍ර- ලංකාදිප /අද