ප්‍රතිපත්ති නැති විදුහල්පතිවරුන්ගේ දේශපාලන වන්දනාව….

0
339

scool inviteපාසැල යනු අනාගතය ගොඩනගන පුරවැසියාගේ මුලකුරු පාඩම් ගෙයයි. එහිදි ඔවුන් බොහෝ දේ උගනිති.විෂය මාලාවේ ඇති විභාග ඉලක්ක කර ගත් පාඩම් වලට අමතරව ඔවුන් තව බොහො දේ පිළිබද අත්දැකිම් ලබති.
පාසැලේ සිටින ප්‍රතිපත්තිගරුක ගරුක ඇතැම් ගුරුවරුන් අනුව යමින් සිය ජිවිතයට අඩිතාලම් දමන දරුවෝ සිටිති.
මීට වසර ගණනාවකට පෙර පාසැල් දිවියේ මෙවන් උදාහරණයන් ඕනෑතරම් සපයාගත හැකි වුවද අද මතුව ඇති ගැටළුව වන්නේ එවන් ප්‍රතිපත්ති සහිත ගුරුභවතුන්ගේ හිඟයයි.
දේශපාලකයෝ යනු අතිබහුතරයක් දෙනා මහජන සේවය සදහා ලැබෙන සකලාකාර දේවල් යොදා ගනිමින් මුදල් යටි මඩි ගහගනිමින් කෝටි ප්‍රකෝටි පතියන් වුවෝ වෙති.
එවන් ධනස්කන්ධයක් කිසි විටකත් සාධාරණ ක්‍රම වලින් නම් කිසි ලෙසකින් වත් සොයනු බොරුය.
එහෙත් මේ දිනවල විවිධ වරදාන පාසැල් වෙත ලබාගැනිමේ අරමුණෙන් කෙතරම් දුෂණ වංචාවන්ගෙන් පිරුණු දේශපාලකන්ගේ ආධාර උපකාර ලැබිමට පාසැල් බලධාරින් පසුබට නොවෙති.
මේ සම්බන්ධයෙන් එක් නිශ්චිත නිදහසුනක් ගෙන දක්වන්නේ නම් කුරණ ශා.ආනා විදුහලේ පැවැති නිවාසාන්තර මළල ක්‍රිඩා උත්සවය ගෙනහැර දැක්විය හැක.
එය පැවැත්වෙන්නේ 2014 ජනවාරි 31 වනදාය.
එහෙත් එහි ප්‍රධාන ආරධිතයන් සදහා කැදවුම් ලබන නිමල් ලංසා මහතාව පාසැලේ ආරධනා පත්‍රයේ දක්වා ඇත්තේ ඇමති නිමල් ලංසා ලෙසය.
ඊළගට ඇත්තේ ඔහුගේ සොහොයුරු සහ පුද්ගලික ලේකම් දායන් ලංසාගේ නමය.මීගමුවේ ප්‍රධාන පුරවැසියා වු නගරාධිපති ඇන්ටනි ජයවීර සිටින්නේ නිමල් ලංසාගේ පුද්ගලික ලේකම්ටත් පහලිනි.
පළාත් සභා විසුරුවා හැරිමෙන් පසු තවදුරටත් නිමල් ලංසා ගරුකටයුතු නොවේ . එහෙත් විදුහල්පතිය ඇතුළු ගුරු මණ්ඩලයත් අනෙක් පිරිසත් ඔහු මෙසේ ඉහලින් ඔසවා තබනුයේ මැතිවරණ සමයේ දේශපාලකයන් විසින් කෝටි ගණන් වලින් ගාසා කෑ මුදල් තමන්ගේ පාසැල් පාත්‍රයට දා ගැනිම සදහාය.
එවිට මේ සල්ලි හොයන අන්දම පමණක් නොව තනතුරු පෙළගැස්විම් වලදි තිබිය යුතු මුලික අවබෝධය හෝ ගිලිහි ගොස් මීගමුවේ ප්‍රධාන පුරවැසියාට වඩා හිටපු ඇමතිවරයෙකුගේ හිටපු පුද්ගලික ලේකම් කෙනෙකු ලොක්කෙකු වේ.
විදුහල්පතිනියට මෙසේ  ගිණකන වැටි මේ සියල්ල අමතකව ගියේ ඇයි????