ප්‍රථම වරට මාලේ නගරයෙන් කොරෝනා රෝගියෙක් හමුවෙයි…

0
82

IMG-91ed1e4165995050e6e199397bc45979-V

සති ගණනක සිට මාලදිවයිනේ කොරෝනා වෛරස තත්වයේ පාලනය වීමක් දක්නට ලැබුනද අද දින කොරෝනා වෛරසය ආසාදිත මාලදිවයින් ජාතික තරුණියක් මාලේ නගරයේදී හමුවීමෙන් පසු වහාම ක්‍රියාත්මකවූ රජය විසින් අද දින සවස 3.30 සිට මාලේ නගරය තුල පුද්ගල චලනයන් සීමා කිරීම පූර්ණ ලෙසින් ක්‍රියාත්මක කොට ඇති අතර සියලුම පොදු ප්‍රවාහන සේවා අත්හිටුවා ඇත.
ජනතාවගේ සාමාන්‍ය දෛනික කටයුතු අත්හිටුවා ජනයා නිවාසවලට සීමා කිරීමේ පූර්ණ ලොක්ඩවුන් තත්ත්වය පැය 24 දක්වා ක්‍රියාත්මක බව මාලදිවයිනේ සෞඛ්‍ය ආරක්ෂණ ඒජන්සි නිවේදනයක සඳහන්වේ. මාලේ යනු ආසියාවේ ජන ඝනත්වය වැඩි රටවලින් එකක් ලෙස සැලකේ..

ක්‍රිස්ටි රාජේන්ද්‍රන්  -මාලේ නගරය