අද (ජුනි 30) වනදා මීගමුව පොලිස් කොට්ඨාශයේ සේවය කරන ඉහළ පොලිස් නිලධාරීන් සහ මීගමුව කලාපය ආවරණය කරමින් මාධ්‍යවේදීන් පරිසකගේ හමුවක් පැවැත්විණී. මෙම හමුව සදහා මීගමුව කොට්ඨාශය භාර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී අනුර අබේවික්‍රම මහතා ,මීගමුව සහකාර පොලිස් අධිකාරී අශෝක විජේරත්න මහතා ඇතුළු කොට්ඨාශ නියෝජනය කරමින් පොලිස් ස්ථානාධිපතිවරුන් සහභාගී වී සිටියහ.
මීගමුව නගරය සහ අවට ප්‍රදේශ වල ඇති මහජනතාවට පීඩාවන් ගෙන දෙන ප්‍රධාන ගැටළු වලදී පොලීසිය සහ මාධ්‍යවේදීන් අතර වඩාත් සහයෝගි සම්බන්ධතාවයක් තුළින් ප්‍රශ්න නිරාකරණය කිරීම සහ සංවර්ධනාත්මක ප්රවේශයකින් පොලීසිය සමග තොරතුරු හුවමාරු කරගැනිම සහ මාධ්‍ය ආවරණයන් සිදුකිරීම වැනි කරුණු මෙහිදී සාකච්ඡාවට ගැණුනි. මෙහිදී මත්කුඩු ප්‍රවාහනය, නීති විරෝධී ජාවාරම් සහ නගරාසන්නව සිදුවන අනතුරු සහ ප්‍රවාහනයේදී සිදුවන විණය විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් ද කරුණු සාකච්ඡා කරන ලදී.
මෙම සාකච්ඡාව සම්බන්ධීකරණය මාධ්‍ය නිදහස සඳහා ක්‍රියාකාරී කමිටුවේ සම කැදවුම්කරු ප්‍රෙඩී ගමගේ මහතා සහ මීගමුව මූලස්ථාන පොලිස් පරීක්ෂක සමන්තිලක මහතා විසින් සිදුකරන ලදී.