ප්‍රධාන නිළධාරින් රැසක් මහනගර සභාවේ පොදු දේපල අයථා ලෙස භාවිතා කරන බවට චෝදනා !

0
58

NGB MC newමීගමුව මහනගර සභාවේ නිළධාරින් විසින් මහනගර සභාවට අයත් වාහන ඇතුළුව පොදු දේපල රැසක් අයථා ලෙසින් සිය පුද්ගලික උවමනාවන් සදහා භාවිතා කරන බවට දැන් කලක සිට චෝදනා එල්ලවන්නට පටන්ගෙන තිබේ.
මහනගර සභා වාහන අයථා ලෙසින් සිය පුද්ගලික අවැසිතා ඉටුකරගැනිමට යොදා ගැනිම ගැන නාගරික කොමසාරිස්ට මෙන්ම නියෝජ්‍ය කොමසාරිස්වරියටද ඉජිනේරුවරයා සහ ලේකම් තුමියට චෝදනා එල්ලවි තිබේ.
ගිනි නිවන අංශයට අයත් රතු පාට කැබ් රථය පසුගිය කාලය තුල නාගරික ඉජිනේරුවරයා විසින් සිය පුද්ගලික ගමන් රැසක් සදහාම යොදවාගෙන  තිබේ.
මේ අතර දැනට නගර සභාව පිටුපස කඩා ඉවත් කරන ලද ගොඩනැගිලි වල ද්‍රව්‍යද මෙසේ පුද්ගලික ප්‍රයෝජනයන් සදහා නගර සභා වාහනවලින් ම නිළධාරින් විසින් ගෙන ගොස් ඇතැයිද වාර්ථා වේ.