ප්‍රභාකරන්ව විකුණා ගොඩයන්න හැදු සිංහලයෙකු අනාථයි…

0
88

සිංහලයාගේ ථෙතිහාසික ප්‍රෞඩත්වයත් ජාතිවාදයත් විකුණා සල්ලි හම්බ කිරිමට සිහින මැවු කලාමුදලාලි රැසක් පසුගිය කාලය තුල බිහිවිය. මෙහි ඉදිරියෙන්ම සිටියේ සෝමරත්න දිසානායක පවුලයි.
ඔහු වරක පොඩිඋන් පෙන්වා ජාතිවාදය කලවම්කර ගොඩයන්න හැදුවේය. පසුව වැද්දන් පෙන්වා තවත් කස්තිරමක් ඇල්ලුවේය.
මේ වා දෙස බලා සිටි ඉතාලියේ දුක් මහන්සියෙන් සල්ලි හම්බකරගෙන පසුව රොමයේ සිල්ලර බඩු විකුණු ආලන්කුලමේ ගැමියෙකු පසුව තවත්  බිස්නස් එකකට අතගැසුවේය.
ඒ ප්‍රභාකරන්ව විකිණිමටය.
සිංහල සමාජය තුල උණු කැවුම් මෙන් ප්‍රභාකරන්ව විකුණා සල්ලි හම්බකර ගතහැකි යැයි සිතු මේ සිංහල ව්‍යාපාරිකයා ලක්ෂ 175 ක් වියදම් කර ප්‍රභාකරන් චිත්‍රපටය නිෂ්පාදනය කළේය..
එහෙත් කිසිලෙසකින් වත් නොසිතු පරිද්දෙන් ප්‍රභාකරන්ව සිංහල සාමාජයට විකුණා ගැනිමට ඔහු ට නොහැකිවිය.
ලක්ෂ 175 වැය කළ මොහුට උපයාගත හැකිව තිබුනේ ලක්ෂ 5 ක් පමණක් බව පසුගිය දිනක ජාතික පුවත්පතක් විසින් හෙළිකර තිබුණි.
දැන් ඔහුට යළිත් මුලින්ම කරපු රස්සාවකට යන්නට ඔහුට සිදුව තිබේ.
එනම් රෝම නගරයේ වයසක අයෙකුව බලාගන්නටය.
එහෙත් දකුණට ප්‍රභාකරන්ව විකිණිමට සැලසුම් කළ මෙහෙයුමෙන් ගොඩ ගිය එක් අයෙකු සිටි. එනම් එහි අධ්‍යක්ෂකවරයාය.
ඔහු මීට වසර කිපයකට පෙර මෙරටින් පැන්නේය. ඒ දේශපාලන රැකවරණ පතාය.

prabakaran

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here