ප්‍රභු පුතෙකුටත් පොලිසියෙන් මැර ප්‍රහාරයක්…

0
77

නීති ශිෂ්‍ය මිගාර ගුණරත්නට තිරිසන් පොලිස් ප්‍රහාරයක් එල්ල වී ඇත. මිගාරගේ පියා හිටපු ආණ්ඩුකාර නීතීඥ මෛත්‍රී ගුණරත්න ය. මෛත්‍රීගේ පියා ප්‍රකට වැවිලිකරුවකු වන හර්මන් ගුණරත්න ය. හර්මන් ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුවේ කෙරුම්කාරයකු වූ අතර For a sovereign state පොත ලිව්වේ ඔහු ය.

එහෙව් පරම්පරාගත ප්‍රභූ පවුලක තරුණයකු වූ මිගාරට රාජ්‍යයේ ආරක්ෂකයා වන පොලිසීය විසින් තිරිසන් ආකාරයෙන් පරදීම පිළිකුල් සහගත මෙන්ම පුදුම සහගත ය.

සම්මත අර්ථයෙන් ප්‍රභූවරුන්ට පහරදීමට තරම් රාජ්‍යයේ පොලිස් හමුදා ඉදිරියට එන්නේ නැත. දැන් දැන් ඒ සම්මතයන් වෙනස් වෙමින් ප්‍රභූවරුන්ට පවා ආණ්ඩුවේ හමුදා පොලීසි බයිනෙත්තු ඔසොවන්නේ අහේතුවකට නොවේ.

පොලිස්කාරයා වැඩ වරද්ද ගත්තේ මෙතැනදී ය. ඔහු පහරදී ඇත්තේ ප්‍රභූ පවුලක තරුණයකුට ය. ඊටත් වඩා මානව හිමිකම් කමිටුව රැස්වී ශ්‍රී ලංකාවට තරවටු කරන අල්ලපනල්ලේ ය. නිර්ප්‍රභූ ශක්තික සත්කුමාරත් නිදොස් කර නිදහස් කරන, මුස්ලිම් දේහයන් භූමදානයට ඉඩ දෙන මොහොතක ය.

පොලිස්කාරයාට පෞ ඕයි. ඔහුගේ නියත කෝට් ගැලවීම දෙස අපි හාස්‍යයෙන් යුතුව බලා සිටිමු.

ප්‍රකට කලාකරුවකු වූ රිචර්ඩ් ද සොයිසා ආණ්ඩුවේ තිරිසන් පැරා මිලිටරි හමුදාව විසින් පහරගෙන ගොස් මරා දැමූ විට එවකට විපක්ෂයේ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තුවේ දී කීවේ ප්‍රභූ තරුණයකු තිරිශ්චීන ලෙස ඝාතනය කිරීමෙන් මැද පන්තියේ හෘදය සාක්ෂිය හිරි වැටී ඇති බවයි.

ප්‍රභූ පන්තියේ තරුණ මිගාරට තිරිසන් පොලිස් ප්‍රහාරයක් එල්ලවීමෙන් ලංකාවේ වත්මන් ප්‍රභූ හා මැද පන්තිය කුමක් කරන්නේ දැයි අපි බලා සිටිමු.

(පිලිප් ශාන්තගේ ⁣⁣ෆේස් බුක් පිටුවෙනි)