‘ප්‍රභූ වාහනවලට ඉඩදෙන්න ඕන කියල නීතියක් නෑ’ (වීඩියෝ)

0
43

'ප්‍රභූ වාහනවලට ඉඩදෙන්න ඕන කියල නීතියක් නෑ' (වීඩියෝ)

  ප්‍රභූ රථවලට ඉඩදිය යුතුයැයි නීතියේ සඳහන් නොවන බව නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා අවධාරණය කර සිටියි.

උදුල් ප්‍රේමරත්න මහතා මහමඟ ගමන් කරමින් සිටියදී යෝෂිත රාජපක්ෂ මහතාගේ ප්‍රභූ රථයකට ඉඩ ලබා නොදුන් බව පවසමින් T-56 ගිනි අවියකින් ඔහුට පහර දීම සම්බන්ධව පැවති නඩුව ඊයේ විභාගයට ගනු ලැබිය.

2014 වසරේදී සිදුවූ සිදුවීමක් මුල් කරගනිමින් එම නඩුව ගොනුකර තිබුණි.

කරුණු සලකා බැලූ අළුත්කඩේ අංක තුන අධිකරණයේ මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා, නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට පහරදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ නාවික හමුදා ආරක්ෂක රථ පෙළෙහි නිලධාරීන් දැඩි අප කොන්දේසි මත මුදා හැරීමට ඊයේ (05) නියෝග කළේය.

සැකකරුවන් මුදාහැරුණේ රුපියල් පහළොස් දහසක මුදල් ඇපයක් හා ලක්ෂ විස්සක ශරීර ඇප දෙකක් මතය.

සැකකරුවන්ට සෑම සතියකම ඉරු දින වැල්ලවත්ත පොලිසියේ පෙනීසිටිය යුතුය බවටද මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

(මුලාශ්‍රය – LNW )