ප්‍රමිතියක් නැතිව කඩන් වැටුණු ගොඩනැගිල්ල යළිත් හදන්න පටන් අරන් ! එහි ප්‍රමිතිය ගැන වගකියන්නේ කව්ද ?

0
90
තට්ටු ගොඩනැගිල්ල සදහා යළිත් කණු ඉදිකරමින් තිබෙන අයුරු....
තට්ටු ගොඩනැගිල්ල සදහා යළිත් කණු ඉදිකරමින් තිබෙන අයුරු....
තට්ටු ගොඩනැගිල්ල සදහා යළිත් කණු ඉදිකරමින් තිබෙන අයුරු….

මීගමුවේ බ්ලු මුන් ගොඩනැගිල්ල අසල තිබුණ පැරණි ගොඩනැගිල්ලක් තට්ටු ගොඩනැගිල්ලක් බවට පරිවර්ථනය කිරිමට ඉදිකිරිම් කටයුතු කරමින් තිබියදි පසුගිය මාර්තු මස 12 වෙනිදා රාත්‍රි 8 ට පමණ කඩන් වැටුණේ මුළු පලාතම බියට පත්කරවමිනි.
එදින පෝය දිනයක් වු බැවින් වෙනිදා ඒ ස්ථානයේ රැදෙන ජනයා නොසිටියෙන් ජිවිත අනතුරු කිසිවක් සිදුව තිබුනේ නැත.මාර්තු මාසයේදි කලින් ඉදිකරමින් තිබු ගොඩනැගිල්ල කඩන් වැටි තිබුණි අයුරු….
එහෙත් ඒ අවට ජනයා සිටියේ නම් සැලකියු යුතු පිරිසකට ජිවිත අහිමිකරන්නට තරම් විනාශයක් එය විය නිර්මාණය කරනවා නියතය.
මීගමුව මහනගර සභාවේ සිටින තාක්ෂණික නිළධාරින්ගේ නොසැලකිලිමත් කම මෙන්ම කොමිස් ගෙන ඕනැම ප්‍රමිතිගත නොවන ගොඩනැගිල්ලක් ඉදිකිරිමට අවසර දිමට දක්වන ගිජුකම හේතුවෙන් මීගමුව නගරයේ ස්ථාන ගණනාවක මෙසේ ප්‍රමිතියෙන් තොර ඉදිකිරිම් සිදුවෙමින් තිබේ.
මහජනයා පිඩාවට පත්කරවන අන්දමේ ප්‍රමිතියෙන් තොරව ඉදිකර ඇති මේ ගොඩනැගිල්ලේ හිමිකරුවට අනිවාර්යෙන්ම නඩුවක් පැවරිය යුතුව ඇති බව අප කළ විමසුමකට පිළිතුරු දෙමින් මීගමුව මුලස්ථාන පොලිස් පරික්ෂක සමන්තිලක වැලිවිට මහතා පවසා සිටි අතර ඒ පිළිබදව වගකිමක්ද අදාල නිළධාරියෙකු වෙත පවරා තිබුණි.
තතු මෙසේව තිබියදි මෙකි ව්‍යාපාරිකයා විසින් යළිත් මෙම ගොඩනැගිල්ල ඉදිකරන්නට පටන් ගෙන ඇත.මේඅතර මේ ගොඩනැගිල්ල ඉදිකිරිම සදහා නිසි අවසර ලබාගෙන තිබේදැයි අප කළ විමසුමකට පිළිතරු දෙමින් නගර කලාපය භාර මහනගර සභාවේ තාක්ෂණික නිලධාරි රන්මුතු මහතා කියා සිටියේ ඒ ගැන කිසිවක් මාධ්‍යයට නොකියන ලෙස නාගරික කොමසාරිස්වරයා විසින් තමන්ට දන්වා ඇති බවය.