ප්‍රමිතියකින් තොරව ආහාර අලෙවි කළ සුපර් මාර්කට් එකකට රු 6000 දඩයක්

0
62

මීගමුව මහජන සෞඛය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින්    23  අගහරුවාදා   දින  මීගමුව  පළගතුරය ප්‍රදේශයේ   රෙස්ටොරන්ට්    හා  ආපනශාලා  පිළිබඳ  සොයාබැලීමේ   මෙහෙයුමක්    කර තිඛේ. ඒ සම්බන්ධයෙන් අප කළ විමසීකදී     එම ප්‍රදේශය  භාරව  කටයුතු  කරන  සෞඛ්‍ය  පරීක්ෂක  ඉමන්ත  මහතා  අප සමඟ  පැවසූවේ මෙම  සෝදිසි  මෙහෙයුමේදී   සමහර  කෑම වර්ග   ( කල් ඉකුත්වු ) විනාශ  කර ඇති  අතර  සමහර  කඩ හිමියන්ට   අවවාද කළ බවත්, ඊට  අමතරව  තවත්  ස්ථාන 7කට   එරෙහිව  නඩු  පැවරූ බවයි.
ඒ අනුව අද ( 25)  දා  අධිකරණයේ  එම නඩු විභාග කර  ඇති අතර  දඩ නියම කර තිඛේ.
ඒ පහත සඳහන් අයුරිනි.
S M   SUPERMARKET     ආයතනයට    – රු 12000/
BAMBOO   RESTAURANT                    – රු. 3000

KRISHART      RESTAURAKT                   රු.3000/

THARANGA   RESTAURANT                   රු.3000/

පරණවු  කෑම වර්ග  ශීතකරණයේ   තබා   විකිණීම     මොවුන්ට    එරෙහිව ඇති චෝදනාවයි.  විදේශ  රටවලින්   ආනයනය  කළ   කෑමවර්ග  ප්‍රමිතියකින්   තොරව  අලෙවි කළ     සුපර් මාර්කට් එකකට  රු 6000  දඩයක්  නියම කරඇත.  එසේම  ශීතකරණයක  නොතබා   කඩවලට  කෑම  වර්ග  අලෙවි කළ  ELEPANT  HOUSE    වාහනයක   එම  කෑම  වර්ග   තොගය පිටින්ම  විනාශ  කරඇති  අතර  ඉදිරියේදී  මෙලෙස   කළහොත්  බලපත්‍ර   අහෝසි   කරන බවට   අවවාද කර ඇත.  එමෙන්ම   දළුවකොටුව   පාසැල  අසල ඇති  බේකරියකට  කෑම නිරාවරණය   කොට  තැබීම  නිසා   රු  3000  ක දඩයක්  නියම කර ඇත.
මීගමුව   නගරසභාවේ   මෙම මෙහෙයුම්  වංචනික   වෙළෙන්ඳන්ට   ඇහේ  කටු ඇනෙනවා  සේ වියහැකි  වුවද  ජනතාවගේ   නිරෝගිකම   උදෙසා   කරන මෙම මෙහෙයුම්   අගයකළ  යුතුය. 104528316_supermarket-newsjpg_trans_NvBQzQNjv4Bq8M9DfW3--bPajd6mUcMQ8NVYy9qQxbT7H_eqTWj6MB8