ප්‍රයිවට් බස් ඩ්‍රයිවර්ලා CTB එකට රිංගීම සහ hot නැති hotline එක..??

0
302

ඊයේ උදේවරුවේ මා කටුනායකින් මීගමුව බලා යාමට ගොඩවු CTB බස් රථයේ ටික දුරක් යන විට මට දැනෙන්නට වුයේ  ප්‍රයිවට් බස් එකක අත්ැදැකිමක්ය.
කන්පැලෙන්නට තරම් සද්දෙන් එහි කැසට් යන්ත්‍රය ක්‍රියාත්මකය. ගමන් විලාසයද නොහික්මුණු රියදුරෙකුගේ වැනිය.ටික දුරක් ගිය පසු මම කොන්දොස්තර මහතාගෙන් විමසා සිටියේ මේ බසයේ රියදුරු ප්‍රයිවට් බස්කාරයෙක් ද කියාය.
ඔව් ඌ ප්‍රයිවට් කාරයෙක් තමයි කොන්දොස්තර මහතාගේ පිළිතුරු විය.
කොප්පරා හංදියෙන් බැස යමින් සිටියදි මා අතට පත්වු ටිකට් පත විමසා බැලුවේ ලංගමට මේ ගැන යමක් කියන්නටය. එහෙත් එහි වු  දුරකථන අංකය වැරදිය. එහි ඇත්තේ අංක 9 ක් පමණි.
එහෙත් එය hot line එක යැයිද ටිකට් පතේ සදහන් කර තිබුණි.ctb hot line