ප්‍රවාහන ඇමතිගේ සැලැස්මට අද උදේ වෙච්ච දේ ?

0
60

bus 3

( 11.55 am ) රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ගේ ගමනා ගමන පහසුව සඳහා දුම් රිය හා බස් රථ සේවා යෙදවීමට රජය පියවර ගෙන ඇති බව රජය කියයි.

ඒ අනුව ප්‍රවාහන සේවාවන්හි සියලු කාර්ය මණ්ඩල සේවයට වාර්තා කිරීම අනිවාර්ය වෙයි. මෙම තීන්දුව ගැනිමට පෙර සියලු අංශ සමඟ සාකච්ඡා කළ බව ප්‍රවාහන අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ලබදෙන නිර්දේශ සලකා බලා මෙම තීරණ ගෙම තිබේ. මෙම පියවර ඡන්දය ඉලක්ක කරගෙන සිදු කරන බවට විපක්ෂය ගෙන යන චෝදනා වැරැදි බවද  අමාත්‍යවරයා පවසයි.

ලංගම බස් රථ 5700ක් ධාවනය කරන්නට කටයුතු සූදානම් කර ඇති බව කී අමාත්‍යවරයා, සියලු මඟීන් මුඛ ආවරනයක් පැලදගෙන පැමිණීම අනිවාර්ය වෙන බව කීය. කිසිවෙකුට මඟීන් වැඩිපුර පටවා ගැනීමට ඉඩ නොමැති බවත් මේවා පරික්ෂා කරන්න යුද හමුදාවත් පොලීසියත් යොදවා ගන්නවා. මඟීන් වැඩිපුර රැගෙන යන බස් රථවල මාර්ග බලපත්‍රය  අහෝසි කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේ ය..
ප්‍රවාහන ඇමතිවරයා මෙසේ ප්‍රකාශ කළද සැබැවින්ම අද පෙරවරුවේ දිවයිනේ ඇදිරි නිතිය ඉවත් කරන ලද ප්‍රදේශ කිපය බස්රථවල මගින් පටවාගෙන ගොස් තිබුන අයුරු දැක්වෙන ඡායාරුප කිපයක්ම සමාජ මාධ්‍ය ඔස්සේ පළව තිබුණි. එයට අනුව ප්‍රවාහන ඇමැතිවරයා කි කිසිදු සැලැස්මක් එහි ක්‍රියාත්මක තිබුන බවක් පෙනෙන්නට නැත.