ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැදුනුම්පත ගත් පමණින් ඉඩම් බ්‍රොකර්ලා මාධ්‍යවේදින්ද?

0
637

cartoon-drawing-laughing-man-12358028-1019x1024(දෙවණ සංස්කරණය ) මේ රට තුල ක්‍රියාත්මක වන සෑබෑ මාධ්‍යවේදින් කව්දැයි යන්න ගැන දැනගැනිමට ඇති එකම මිනුම් දණ්ඩ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන හැදුනුම් පත නොවන බව දිනෙන් දින දැන් ඔප්පු වෙමින් ඇත්තේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැදුනුම්පත් දරා සිටින තමන් ලයිසන් මාධ්‍යවේදින් යැයි ප්‍රසිද්ධියේ චණ්ඩියන් සේ කටයුතු කරන සැබැවින්ම ඉඩම් බ්‍රොකර්ලා සහ ත්‍රිරෝද එලවපු අය වැනි බයියන් මෙයට ඇතුළු වි කරගෙන යමින් තිබෙන විගඩම්  නිසාය.අද රටපුරාම අඩුවැඩි වශයෙන් ඇත්තේ මෙවන තත්වයකි.
මාධ්‍ය යනු සමාජයේ හතරවෙනි කුළුණ යැයි සුවිශේෂි වගකිමක් දරා සිටියදි  සෑබෑ මාධ්‍යවේදින්  බිහිවිය යුතුව තිබුණද දැන් ඇත්ත වශයෙන් අපට බොහෝ තැන්වලදි හමුවන්නේ ඉඩම් බ්‍රොකර්ලා වැනි අයවලුන්ය.
නැතිනම් වෙනත් කර කියා ගත නොහැකි කල්හි ගුවන්තොටුපලේ හෝ වෙනත් ඕනැම  තැනක සිටින ත්‍රිරෝද කරුවෙකුටත් මාධ්‍යවෙිදියෙකු විමේ හැකියාවක් දැන් නිර්මාණය වි ඇති පසුබිමකි.
මේ සැමගේ කෙරුවාවල් ගැන හොයන්නේ නම් හිරු සිඅයිඒ සිරිස් එකක්ම කරන්නට හැකියාව ඇති බව රෙනෝට දැන්වත් වැටහි තිබිය යුතුය.
ධර්ම චක්‍රයත් නැවක සුක්කානමත් නිසි පරිද්දෙන් හදුනා ගැනිමට නොහැකි පොලිස් නිළධාරින් මෙන්ම ඒවා උඩපැන පින්තුර ගන්නා මාධ්‍යවේදින්ට පවා මේ වෙනස හදුනාගත නොහැකි වන්නේ ඔවුන් ඇති පරිචයේ සිමාවන් නිසාමය..
මේ නිසා ඇත්ත වශයෙන්ම ප්‍රාදේශිය මාධ්‍යකරුවන් කිසියම් අධ්‍යාපනික මෙන්ම වෘත්තිය පරිචයක් සහිත අයවලුන් විය යුතුමය.
මේ නිසාම අද ප්‍රාදේශිය මාධ්‍යවේදියා යනු ප්‍රාදේශිය දේශපාලකයන්ට හිතුහැටියට නැටවිය හැකි බඩියන් බවට පත්ව සිටිති.
මිගමුවේම පමණක් නොව රටේ සැම තැනකදිම මේ දිනවලදි අප අත්දකිමින් සිටින්නේ පිස්සන්ට හැතැම්ප නැතිවා සේ වැඩකරන මාධ්‍යවේදින් නොවන කුලිකරුවන් හැසිරෙන අයුරුය.
මිනිසුන් හඩා වැටෙන පාස්කු ඉරුදින බෝම්බයෙන් මිය ගිය අයගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවට ජංගියක් ඇදන් ගිය මාධ්‍යවේදියෙකු මේස පුටු උඩ නැග කැමරා අටවාගෙන හැසිරෙන හැටි දුටු පියතුමෙකු ඔහුට කියා තිබුනේ සංවරව හැසිරෙන ලෙසය..
මාධ්‍යවේදියා විනයගත යුතුව ඇත්තේ ඒ හෙයිනි.
මාධ්‍යවේදියෙකුට සිය වෘත්තියභාවය ලැබෙන්නේ ඔහු හෝ ඇය විසින් ලබන අධ්‍යාපනයද සමගින් වන ශික්ෂණය හරහාය.
එවන් ශික්ෂණයක් නැති උන් හට වෘත්තියට ගැලපෙන සංයමය පිහිටන්නේ කෙසේද ?
එදා වේල වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න උපන් හපන්කම් ඇති ලංකාවේ ඇතැම් මාධ්‍ය පොරවල්  පොහොට්ටුවේ සිය හාම්පුතුන්ගෙන්ම යැපෙන්නෝ වෙති.
රටතුල මතුව ඇති මේ අර්බුදය විසදනු වස් සාමය සංහිදියාව වෙනුවෙන් සිය මාධ්‍ය මෙහෙවර කරනවාට වඩා කුපාඩියන් සේ හැසිරිම එවැනි බයියන්ගේ අද අංක එකේ විලාසිතාව බවට  පත්ව තිබේ.
අපක්ෂපාතිත්වය වෙනුවට පක්ෂපාතිත්වය පමණක් ඇති මේ අයගේ හැසිරිම් අප පසුගිය කාලය තුල මුහුණ පොතෙන් ඕනෑතරම් දැක තිබේ.
තම සහෝදර අන්‍ය ආගමික මාධ්‍යවේදින් ගැන පොලිසියටත් ගතු කියන ජාරාපප්පන්ගේ ගානට වැටුන මේ බයියන් ඇත්තටම අද මාධ්‍ය වෘත්තියට නිගාදෙමින් සිටිති.
මේ ඇතමෙකු ඇත්ත වශයෙන්ම පොලිස් ඔත්තුකරුවන් වැනිය.රටපුරාම තත්වය මේ ආකාරයෙනි.
පොලිසිය විසින් මේ අයට ඔත්තු සපයද්දි මේ  බොහොමයක් දෙනා පෙරළා පොලිසියට ඔත්තු සපයති.
අද රටපුරාම මෙවැන්නෝ බොහොමයකි.
මේ කුපාඩි රිපෝටර්ලාගෙන් අද මාධ්‍ය වෘත්තිය බේරා නොගන්නේ නම් හෙට දිනට  ඉතිරිවනු ඇත්තේ කුමක්ද ?