ප්‍රසන්නගේ නඩුව අද !

0
117

Prasanna-Ranatunga_0(8.00 am ) රුපියල් ලක්ෂ 640 ක කප්පමක් ඉල්ලා ව්‍යාපාරිකයෙකුට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා හා ඔහුගේ බිරිදට එරෙහි නඩුව ඊයේ  විභාගයට ගත්තද විත්ති පාර්ශ්වයේ නීතීඥවරුන් මෙහිදී දැනුම් දුන්නේ නඩු විභාගයට තමන් සූදානම් නැති බවය
ඒ හේතුවෙන් නඩුව අද (14) දිනයට කල් තැබීමට මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය නියෝග කර තිබුණි.
එමෙන්ම විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා අභියාචනාධිකරණයේ නඩුවකට පෙනී සිටින බැවින් මෙම නඩුව කල් තබන ලෙසයි විත්තියේ කණිෂ්ඨ නීතීඥවරයෙක් මගින් මෙම ඉල්ලිම කර ඉදිරිපත් කර ඇත.

කොලොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගැනීමෙන් පසුව එහි පදිංචි අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීම සදහා මෙසේ කප්පම් ඉල්ලා තිබේ .
ඒ අනුව ප්‍රසන්න රණතුංග මහතාට එරෙහිව අධි චෝදනා 15 ක් නීතිපතිවරයා ගොනුකර තිබුණි.
මීට පෙර සාක්ෂි දුන් නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු වන ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයා ප්‍රකාශ කළේ ප්‍රසන්න රණතුංග මහතා සිය බිරිදගේ සහෝදරයා හරහා මෙම කප්පම් ලබාගැනීම හා ගනුදෙනු කිරීම් සිදුකළ බවයි.
ඒ අනුව තමන් සහ බිරිද ජීවිත ආරක්ෂාව පතා චෙක්පත් 11 ක් අත්සන්කර දුන් බව සාක්ෂිකරු වැඩිදුරටත් ප්‍රකාශ කළා. මෙම ප්‍රධාන සාක්ෂිකරුගෙන් විත්ති පාර්ශ්වයේ හරස් ප්‍රශ්න විමසීම අද  (14) දිනයේ සිදුකිරීමට නියමිතයි.
ITN news

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here