ප්‍රහාර එල්ල කිරීමට මරාගෙන මැරෙන බෝම්බකරුවන් ආවාද ?

0
151

_106534965_20190421_101731ශ්‍රී ලංකාව තුළ ස්ථාන 08 ක අද සිදුවූ බෝම්බ ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් හෝ කණ්ඩයමක් පිළිබදව මේ පරීක්ෂණ වලින් තහවුරු කරගන්නා තුරු කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අද සවස මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරන ලදී. මාධ්‍ය විසින් මීගමුව කටුවපිටිය දේවස්ථානයේ ප්‍රහාරය සම්බන්ධයෙන් පුද්ගලයෙකු පැමිණ තිඛෙන බවට ඇති තොරතුරු සම්බන්ධයෙන්  රුවන් ගුණසේකර මහතාගෙන් විමසා සිටි අතර ඔහු එහිදී කටුවපිටිය සිදුවීමට මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවට සැකකළ හැකියි යන්න ප්‍රකාශ කළත් මේ වනතෙක් එය සනාථ කළ නොහැකි බවද ප්‍රකාශ කරන ලදී. ඒ අතර අග්‍රාමාත්‍යවරයා අද  සවස මාධ්‍යයට සිදුකළ ප්‍රකාශ වලදී ද මේ සම්බන්ධයෙන් මාධ්‍ය විසින් ප්‍රශ්න නගන ලදී. මෙවැනි ප්‍රහාරයක් සම්බන්ධයෙන් අනතුරු ඇගවීමක් කලින් සිදුවී ඇති බවටද  ඇති තොරතුරු පිළිබද අග්‍රාමාත්‍යවරයා යම් එකගවිමක්  සිදුකරන ලදී.  මෙය යම් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් විය හැකි බවට තොරතුරු සනාථ වෙමින් තිඛේ.  දේවස්ථාන ඇතුළු තවත් ස්ථාන වල මෙම  ප්‍රහාරය  ඇසින් දුටුවන් මාධ්‍යට කළ ප්‍රකාශ අනුව මේ සම්බන්ධයෙන් මේ වනවිට සැක පහළ වී තිඛේ. මඩකලපුව සියොන් දේවස්ථානයේ නියෝජිතයෙකු  විද්්‍යුත්  මාධ්‍ය වෙත  ප්‍රකාශ කළේ පුජාව ආරම්භ වීමට කලින් පෙර නුදුටු පුද්ගලයෙකු දේවස්ථානය ඉදිරිපිට සැක සහිත ලෙස හැසිරුණ බවයි. පසුව ඔහුගෙන් ප්‍රශ්න කරන අතරතුරදී මෙම පිපිරීම සිදුවූ බවයි. කටුවපිටිය දේවස්ථානයේ දේව මෙහෙය අවසාන වනවිට පුද්ගලයෙකු ඇතුල් වූ බව දුටු අය පවසති.
මේ වනවිට ආරක්ෂක අංශ විසින්  සැකපිට පුද්ගලයන්  08 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර මේවනවිට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් 08 දෙනා ශ්‍රී ලාංකිකයින් බවද වාර්තා වේ. කෙසේ වෙතත් මෙම ම්ලේඡ්ච ප්‍රහාරය සම්බන්ධයෙන් නිල වශයෙන් වගකිවයුත්තන් නම් කළ නොහැකි බවත් විමර්ශන වලින් පසුව එය හෙළි කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැනුම් දෙන ලදී.57602866_658104921314436_8534672111090794496_n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here