ප්‍රාථමික පෝෂිත පාසල් සංකල්පයට පළගතුරේ දෙමව්පියන් ගේ විරෝධය

0
312

අද  පළගතුරේ සිංහල මිශ්‍ර කනිෂ්ඨ  විද්‍යාලයේ දී දෙමව්පියන් විසින් එම පාසල  ‘ප්‍රාථමික පෝෂිත පාසල් 5000ට‘ ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධතාවය ප්‍රකාශ කරන ලදී. ඒ සදහා පාසලට රැස්වූ දෙමාපියන් පාසලට පැමිණ මේ පිළිබදව ඔවුන් දරන අදහස දේශපාලන නියෝජිතයින්ට දැනුම් දුන්හ. මෙම පාසල දැනට තිබෙන 1 සිට 11 දක්වා ශ්‍රේණි වලම තබාගිනිමින් පාසල සංවර්ධනය ක ර දෙන ලෙස ඔවුන් බලධාරීන්ට යෝජනා කරන ලදී. එසේම පාසලේ සංවර්ධන කටයුතු සදහා ඔවුන්ද දායක වන බවට ආදර්ශමත් ක්‍රියාවක් ලෙස පාසලේ උපකරණ අලුත්වැඩියාවක් ද ඔවුන් අති සිදුවිය.
එම අවස්ථාවට පාසලේ විදුහල්පතිනිය මෙන්ම පළගතුරේ මීසම් පාලක පියතුමා සහ නියෝජ්‍ය නගරාධීපති සකාවුල්ලා මහතා සහ නාගරික මන්ත්‍රින් රැමෝනා ලන්සා මහත්මිය ද සහභාගී වූහ.