ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ ගැටළු විසදීමට කමිටුවක්

0
110

8c53cc4ccc037d843e339c8f2fe05e5e_L

ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය ගැටලූ පිළිබද සොයා බලා ඒවාට ලබාදිය හැකි විසදුම් පිළිබද නිර්දේශ ඉදිරිපත් කිරීම සදහා විශේෂ කමිටුවක් පත්කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් දෙයි.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙකුගෙන් මෙන්ම කම්කරු කොමසාරිස් ජනරාල්වරයාගෙන් සමන්විත මෙම කමිටුව සිය වාර්තාව මාස 03 ක් ඇතුළත තමා වෙත ඉදිරිපත් කළයුතු බවට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වෘත්තීය ගැටලූ පිළිබද  ඊයේ (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදීය.

ප්‍රාදේශීය මාධ්‍යවේදින්ගේ වැටුප් සහ දීමනා පිළිබද ගැටලූව මෙහිදී විශේෂ අවධානයට යොමු කෙරුණු අතර මාධ්‍යකරණයේදී ඔවුන් මුහුණ පා ඇති සෙසු ගැටලූ පිළිබදව ද අවධානය යොමු කෙරිණි.

එමෙන්ම පසුගියදා පැවති මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනයේ හය වන නියෝජිත සමුථවේදී ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරන ලද සංදේශයේ ඇතුළත් කරුණු පිළිබ`දව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය.

රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා ද, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් සුදර්ශණ ගුණවර්ධන, කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර, මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ සභාපති කරුණාරත්න ගමගේ, ප්‍රධාන ලේකම් ධර්මසිරි ලංකාපේලි යන මහත්වරුන් ඇතුථ එහි නියෝජිත පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

උපුටාගැනීම – https://sinhala.news.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here