ප්‍රැන්සිස් පාප්තුමන්ට පෙත්සමක් ….

0
75

easter-pope-child_2523876kලොව පුරා කතෝලික දේවස්ථාන වල තීරණ ගැනීමේ ක්‍රියාවලියට ගිහි ජනතාවත් සහභාගී කරගන්නා ලෙස ඉල්ලමින් ලොව පුරා සිටින කතෝලික ජනතාව නියෝජනය කළ කණ්ඩායම් 100 එක්වී පසුගිය දිනක පාප්තුමාට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.
ඔවුන් බලාපොරොත්තු වන්ෙන් ඔක්තොබර් මස 1 -3 දින දක්වා පාප්තුමාට උපදෙස් ගැනීම සඳහා කාදිනල්වරු 8 දෙනෙකුගෙන් සමන්විතව පැවැත්වීමට නියමිත සාකච්ඡාවේදී මෙම ඉල්ලීම පිලිබදව අවධානය යොමුවනු ඇති බවයි.

ඔවුන් තවදුරටත් පවසන්නේ පාප්තුමාගේ ඔක්තොබර් සාකච්ඡාවේදී මේ පිලිබඳව මූලික අවධානය යොමුවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි. මෙම සාකච්ඡාවේදී අවධානයට ලක්වන කරුණු පිලිබඳව පැහැදිලි අවබෝධයක්  ත් කිසිවෙකු තුල නොමැති වූවත් පාප්තුමා පවසා ඇත්තේ තමන්ට අවශ්‍ය වන්නේ සැබෑ සහ ක්‍රියාකාරී වෙනසකට අඩිතාලම දැමීමට බවයි.