ප්‍රෙඩිට පහරදුන් සැකකරුවන් පෙරෙට්ටුවේදි හඳුනා ගැනේ – ජුනි 28 දක්වා යළිත් බන්ධනාගාරයට

0
83

 

FG case 1පසුගිය ජුනි 2වනදා මීගමුව මහනගර සභා භූමියේදී මාධ්‍යවේදි ප්‍රෙඩී ගමගේ මහතාට සිදුකරන ලද පහර දීමට සැක පිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද දින (ජුනි 21) හදුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කරන ලදී.
එහිදී මාධ්‍යවේදී ප්‍රෙඩී ගමගේ මහතා විසින් තමන්ට පහර දුන් පුද්ගලයන් ඔවුන් බව හදුනාගත් අතර පසුව මෙම නඩුව ඇප ඇයදීම සදහා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැදවනු ලැබිණි.

එහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥමහත්වරුන් කියා සිටියේ මෙම පහර දීම හුදෙක් මෙම සැකකරුවන් දෙදෙනා පමණක් කල පහර දීමක් නොවන බවත්  මෙය පිටුපස මෙම ක්‍රියාව මෙහෙයවන්නාවූ දේශපාලන බලවේගයක් තිබෙන බවත්ය. එම නිසා එම සියළුම සැකකරුවන් පුළුල් විමර්ශනයක් කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ඔවුන් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. ඉන්පසුව මේ සම්බන්දයෙන් අධිකරණය විසින් ගනුලබන ක්‍රියා මාර්ගය කුමක්ද යන්න රටේ සියළුම වෘත්තීය මාධ්‍යෙව්දීන් බලා සිටින බවත් මේ වන විට මේ සම්බන්දයෙන් විරෝධය පල කරමින් රට පුරා විරෝධතවයන්, උද්ඝෝෂණ පැවැත්වෙන බවත් ඔවුන් තව දුරටත් කියා සිටියෝය. එමෙන්ම මෙම පහර දීම මේ වන විට ජාත්‍යන්තර මාධ්‍යවලද අවධානයට ලක්ව තිබෙන බවත් නීතිඥවරුන් තවදුරටත් පවසා සිටි අතර මෙම සැකකරුවන්ට ඇප ලබාදුනහොත් මෙහි විමර්ෂණ වලට බාධාවක් විය හැකි බවද  පවසා සිටියහ.
මේ අතර විත්තිය වෙනුවෙන් පෙනි සිටි නිතිඥ කණ්ඩායම අවධාරණය කරන්නට උත්සහ කළේ මෙම පහරදිම පුද්ගලික ආරවුලක් මත සිදුවු දෙයක් බවත් ඕනෑම ඇප කොන්දේසියක් මත හෝ මෙම සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙන ලෙසත්ය.
දෙපාර්ශවයේම කරුණු දැක්විම් ගැන ඉතා සාවදානව අසා සිටි  මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා පොලීසියට ප්‍රකාශ කර සිටියේ මෙම පහරදිම සුලු කොට තැකිය නොහැකි බවත් නගර සභා භුමිය තුලදි සිදුව ඇති මෙමප්‍රහාරය ඉතා සැලසුම්ගත එකක් වන බැවින් මේ පිටුපස සිටින  සියළු සැකකරුවන් පිලිබදව අපක්ෂපාති ,සියම් සහ පුළුල් විමර්ශණයක් සිදුකර ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.එමෙන්ම මේ සැකකරුවන්ගේ ඇප ඇයදුම්පතද ප්‍රතිකක්ෂේප කල ඒ මහතා ඔවුන්ව නැවතත් ජුනි 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටද නියෝග කරන ලදී.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් දන්ත නිරංජන් ,ලක්ෂාන් ඩයස් චාමර විජේසිංහ ඇතුළු නිතිඥ කණ්ඩායමක් පෙනි සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here