ප්‍රෙඩී ගමගේ ඇතුළු පසුගිය කාලය තුල ප්‍රහාරයට ලක්වු අතුරුදහන්වු සහ මරාදැමු මාධ්‍යවේදින් සැමට සාධාරණය ඉටුකරනු !

0
110

මාධ්‍යවේදින්ට පහරදුන් අතුරුදහන්කළ සහ ඝාතනය කළ රෙජිමයක් පෙරළා දමා මාධ්‍ය නිදහස සුරකිම සදහා පිහිටුවා ගත් යහපාලන  රජයක සෙවන යටතේ සිට ක්‍රියාත්මක රාජපක්ෂ රෙජිමයේ අවතාර විසින් මීපුර මාධ්‍යවේදි ප්‍රෙඩි ගමගේ වෙත මරාන්තික ප්‍රහාරයක් එල්ල කොට තිබිමට විරෝධය පළ කරමින් නිදහසේ වේදිකාව ,විදියේ විරෝධය සහ මීගමුවේ සිවිල් ක්‍රියාකාරින් එක්ව විරෝධතාවක් සංවිධානය කොට තිබුණි.
එහිදි ඔවුන් මතුකර සිටි  ප්‍රධාන කරුණ වි තිබුනේ මීගමු නගර සභා භූමිය තුලදි පහර කැමට ලක්වු  ප්‍රෙඩි ගමගේට මෙන්ම පසුගිය රෙජිමය යටතේ පහරකෑමට ලක්වු මාධ්‍යවේදින් අතුරුදහන් කරනු ලැබුවන් සහ ඝාතනයට ලක් කළ සැම වෙනුවෙන් සාධාරණය ඉටුකිරිමට මේ රජය කටයුතු කළ යුතුය යන්නය.FG attack 11 .jpg.jpg