‘ හචිකෝ ‘ කියන්නේ සුනඛයා සහ මිනිසුන් අතර වූ ආදරයේ සංකේතයක්. හචිකෝ තමන්ගේ ස්වාමියාට දැක්වූ ආදරය කතාව දිගහැරෙන්නේ එක්දාස් නමසිය තිස් ගණන් වලදි.
ජපානයේ ජීවත්වූ යුඒනෝ නම් පුද්ලයෙකු සිය සුරතල් සුනඛයා සමග ගතකළ ස්නේහයෙන් බැදුන ජීවිතය පිළිබදව හද සසල කරවන කතා පුවත මේ වනවිට ලේඛනවලට මෙන්ම චිත්‍රපටියකට නගා තිබෙනවා. පුරාවෘත්තයක් වූ මේ කතන්දරය යුගයෙන් යුගයට විවිධ නිර්මාණ හරහා අලුත් පරම්පරාව අතට පත්වෙනවා.
හැමදාම තමන්ගේ ස්වාමියාව ඇරලන්ඩ හචිකෝ ටෝකියේ වල සිබූයා දුම්රිය නැවතුම්පළට ආවා. ආයෙත් ඔහු සවස ගෙදර එන වේලාවට හචිකෝ දුම්රිය පළ අසලට වී ඔහු එනමග බලන්නට පුරුදු වී සිටියා.
මේ කතාවේ දුක්බර අවස්ථාව උදාවන්නේ දවසක් හචිකෝගේ ස්වාමියා ‘යුඒනෝ’ මගදි හෘදආබාදයකින් මියයාමෙන් පසුවයි. මේ කිසිවක් නෙදත් හචිකෝ හැමදාම ඔහු එනකම් දුම්රියපළ අසලට ආවා.
දින ගණනක්. මාස ගණනක් තමන්ගේ ස්වාමියා එනතෙක් හචිකෝ මග බැලූවා.
1935 වර්ෂයේ දී හචිකෝ මිය යනවා. ඒ පිළිබදව විවිධ ආරංචි තියෙනවා. ඔහු තමන්ගේ ස්වාමියාව සොයාගෙන රේල් පාර දිගේ ගොස් මැරී ඇද වැටුණා කියනවා. සිබූයා නගරයේ පාරකදී අවසන් හුස්ම හෙලූ බවත් කියවෙනවා. කෙසේ හෝ මේ ආදරණීය සුනඛයා වෙනුවෙන් ඒ නගරයේ ජනතාව ඔහුගේ සමරුවක් එම දුම්රියනැවතුම් පළ ඉදිරිපිට නිර්මාණය කළා.
අදටත් හචිකෝ ඒ ස්ටේෂන් එක ඉදිරියේ ජීවමානව නොවූවත් පිළිරුවක් සේ දිස්වෙනවා.
මෙම ප්‍රේම වෘත්තාන්තයට එරට ජනතාව කොතරම් ගෞරව කරනවාද කියා සිතන්නට හොදම උදාහරණය තමයි මේක. මේ අවුරුද්දේ හචිකෝ ගේ ස්වාමියා වූ ‘උඒනෝ’ Ueno, මියගොස් වසර 90 ක් පිරෙනවා. හචිකෝ මියගොස් වසර 80යි. උඑනෝගේ වසර 90 සිහිකරමින් ටෝකියෝ හි විශ්ව විද්‍යාලයක කෘෂිකර්ම අංශයෙන් නැවතත් පිළිරුවක් නිර්මාණය කර තිබෙනවා. එම පිළිරුවේ දැක්වෙන්නේ තම ස්වාමියෝ හමුවීමෙන් සතුටු වන පින්බර හචිකෝ සතුටුවන අවස්ථාවයි. ආදරයේ සහ පක්ෂපාතීත්වයේ සංකේතයක් වූ හචිකෝ සදා අමරණියයි.