
අන්තරාය අවුසද අඩංගු දූංකල මිශ්‍ර බාබුල් හා පුවක් මිශ්‍ර බාබුල් පැකට් 2946 නීති විරෝධිව මෙරටට රැගෙන ආ පකිසථාන ජාතිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන්තොටුපොල පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. ඉතා අලංකාර ලෙස දවටා මෙම බාබුල් තොගය තරුණයන් හා පාසල් ළමුන් අතර බෙදා හැරීම සඳහා මෙරටට රැගෙන විත් ඇති අතර මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ ගුවන් ගමන් බලපත්‍ර අංක ජි.ජි. 1756816 මොහොමඩි අලිස් (44) ජි ජි 1347311 අක්කාර් රෂිම් 39 යන පකිස්ථාන ජාතිකයින් දෙදෙනායි.
පසුගිය 24 දින රාත්‍රී 11.45 පකිස්ථානයේ කරචිචි නුවර සිට ශ්‍රී ලංකා ගුවන් සමාගමට අයත් ගුවන් යානයකින් ලංකාවට පැමිණි සැක කරුවන් දෙදෙනා මගීන් පැමිණීමේ පර්යන්තයේ සිටියදී ගුවන්තොටුපොල පොලිසියට සැක සිති පරික්ෂාවට ලක් කරන අවස්ථාවේ මෙම පුද්ගලයන් දෙදෙනො අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අධිරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 28 දින දක්වා රක්ෂත බන්ධනාගාර ගත කරන ලෙස මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් ශාන්ත නිරිඇල්ල මහතා නියෝග කළේය.
ගුවන්තොටුපොල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්න කොබ්බැවල මහතාගේ උපදෙස් මත පො. ප. දොලමුල්ල උ පො ප. ජයන්ත සිල්වා පො කො 38226 දිසානායක පො කො 23363 කුමාරසිංහ පො කො 57587 හෙටිටි ආරචිචි පො කො 85145 අෙබිකෝන් පො කො 88765 දිසානායක 75662 පුෂ්ප කුමාර යන නිළධාරින් මෙම වැටලීම සිදූ කරන ලදි