” කහ ” නැතිව පාඩු විඳින හෝටල් සහ කුළු බඩු කර්මාන්තය

0
381
turmeric powder (curcuma)
turmeric powder (curcuma)
turmeric powder (curcuma)

” කහ ”  දැන් අපට දුර්ලභ අමුද්‍රව්‍යකිි. කොවිඩ් 19  වසංගතය හමුවේ  මෙරට ආහාර නිෂ්පාදනය සදහා යොදාගන්නා  අමුද්‍රව්‍ය හිඟවූ අතර එයිනුත් ආහාර නිෂ්පාදනය සදහා අත්‍යඅවශ්‍ය අමුද්‍රව්‍යයක් වන  ” කහ ”  මාර්තු සිට වෙළදපොලේ හිඟවීම ආරම්භ විය. මේ වනවිට කහ මිළදී ගැනීමට තිබුණත් එයට වෙළඳපොලේ අධික මිලක් නියම වී තිබේ. කොවිඩ් වසංගතයට පෙර කහ කෑලි කිලෝ එකක් රු 500 – 600ත් අතර මිළකට අළෙවි වූ අතර මේ වනවිට කහ කෑලි කිලෝ එකක මිළ  2750 ක් දක්වා වැඩිවී තිබේ.   මේ වනවිට   බෝහෝ   ආහාර   නිෂ්පාදනය කරන හෝටල්, ආපන ශාලා ,වල ආහාර සැකසීම සදහා කහ භාවිතා නොකරන අතර ඔවුන්ට ඒ සදහා දැරිමට වන මිළ ඉතා ඉහළ බැවින්  ආහාර නිෂ්පාදනයේදී ‘‘ කහ‘‘ යෙදීම තාවකාලිකව නවතා ඇති බව  Negombobiz  විසින් කරන ලද විමසීමකදි හෝටල් හිමියෙකු විසින් ප්‍රකාශ කරන ලදී.  එයට ප්‍රධාන හේතුව මේ වනවිට කහ කිලෝ එකක විකුණුම් මිළ රු 3000ක් පමණ වීමත්,  තොග මිළත් එපරිදම රු 2000කට වඩා අධික වීමත්ය. සාමාන්‍යයෙන්   ලංකාවේ වෙළදපොළේ කහ ග්රෑම් 100ක මිළ පැවතියේ රු 80ක වටිනාකමකිනි. මේ වනවිට එය රු 300 දක්වා ඉහළ ගොස් තිබේ. කොවිඩ් 19 වසංගතය හමුවේ සමහර වෙළඳුන් කහ ග්රෑම් 100 රු 500 ට අළෙවි කළ අවස්ථාද තිබුණි.  ශ්‍රී ලංකාවට කහ සපයන ප්‍රධාන සැපයුම්කරුවා ඉන්දියාව වන අතර කොවිඩ් වසංගතය හමුවේ මෙරටට කහ ආනයනය කිරිම නැවතිණි. ඒසේ වුවත් ලංකාව තුළ  ඒතෙක් ගබඩා කර  තිබූ කහ වල මිළ ඉහළ යෑම නිසා ආහාර නිෂ්පාදකයන්ට මෙන්ම  තුනපහ නිෂ්පාදකයින්ට කහ මිළදී  ගෙන ආදායමක් ලැබීම අපහසුවී තිබේ.

ශ්‍රී ලාංකිකයින් ගේ සාමාන්‍ය ජීවිතයට නැතිවම බැරි ” කහ”

කහ වෙළදපොලේ  මිළ අධික වුවුත් කහ නැතිව පිසීමට නොහැකි ව්‍යාංජන සකස්කිරීමට ලාංකීය ගෘහණියන් නම් කැමැත්තක් දක්වන්නේ නැත. ඒබැවින් කෙසේ හෝ අධික මිළකට හෝ ගෙන සිය මුළුතැන්ගෙයි කහ තබාගැනීම ඔවුන්ගේ සතුටයි.  ඉපැරණ කාලයක විෂබීජහරණයක් ලෙසත්  කහ පාවිච්චි කිරීමට ඉන්දියානුවන් මෙන්ම ලාංකිකයින්ද පුරුදු වී සිටිති. කොවිඩ් 19 වසංගතය හමුවේද බොහෝ ශ්‍රී ලාංකික නිවෙස් ඉදිරිපිට කහ සහ කොහොඹ කොළ මිශ්‍රකළ වතුර භාජනයක් තබන ලදී. ශ්‍රී ලාංකික දමිළ ජනයාද සිය ව්‍යපාර ස්ථාන කහ වතුරෙන් සේදීම දිනපතා සිදුකරති. 

කහ වැවෙන්නේ කොහේද ? 

ලෝකයේ කහ සැපයුම්කරුවන් අතර ඉදිරියෙන්ම සිටින්නේ ඉන්දියාවයි. චීනය,මියන්මාරය,නයිජීරියාව,බංග්ලාදේශය කහ නිෂ්පාදනය කරන අතර ඒය සියයට දහකටත් අඩු ප්‍රමාණයකි. ඉන්දියාව 80% ක ප්‍රමාණයකින් ලෝක වෙළඳපලට කහ නිෂ්පාදනය කරන අතර චිනය 8%ක ප්‍රමාණයකින් කහ නිෂ්පාදනය කරනු ලබයි.  වසරකට කහ ටොන් 50000ක් පමණ ඉන්දියාව ලෝක වෙළඳපලට  අපනයනය කරනු ලබයි.  මෙහි ප්‍රධාන ගැණුම්කාර රටවල් වන්නේ ඒක්සත් අරාබි රාජ්‍යය, ශ්‍රී ලංකාව, මැලේසියාව, බංගලාදේශය, ජපානය, ඒක්සත් රාජධානිය සහ ඉරාණය වේ. මෙම කහ වගාකරනු ලබන්නේ දකුණු ඉන්දීය ප්‍රදේශයන් වලය. අන්ද්‍රා ප්‍රදේශයේ කහ නිෂ්පාදනය 60%ක් වන අතර තමිල්නාඩුවේ  කහ නිෂ්පාදනයෙන්  දෙවෙනි තැන ගනිමින් 17% කහ නිෂ්පාදනයක්  සිදුකරනු ලබයි. දකුණු   ඉන්දියාව තුළ කහ නිපදවන  අනෙක් ප්‍රදේශ වන්නේ ඔදිස්සා සහ බටහිර බෙංගාලය සහ කරණාටක  යන ප්‍රදේශයන් වේ.

කහ ශාඛය

කහ පදුරු වශයෙන් වැවෙන ශාඛ  වර්ගයක් වන අතර  කහ පදුුුරු මුල්වල  ඉගුුුුරු අලයේ හැඩයෙන්  මේවා හට ගනී.  මැටි පසක වඩාත් සරුවට වැවෙන මෙම කහ පදුරු හොදින් වැඩීම සඳහා මනා හිරු ඒළියත් තෙතමනයත් අවශ්‍ය වේ. සෙල්සසියස් අංක 20 – 30  උෂ්නත්වයක් කහ වර්ධනය සඳහා ප්‍රමාණවත් වන අතර මුහුදු මට්ටමින් මීටර් 1200  උසින් මෙම ශාඛය පැළවේ. මාස 10 ක පමණ  කාලයක් අස්වනු ලබාගැනීටම ගතවන අතර පඳුරු වල අල කහපැහැ  ආරම්භ වීමට මාස 05-06 අතර කාලයක් ගතවේ.

  දකුනූ ආසියානු රටවලට ආවේණික ශාඛයක් වන කහ ලංකාවේද වගා කරනු ලබයි.


තොරතුරු – www.commoditiescontrol.com