පාතාල ඝාතන පිළිබදව ජනපතිගේ ඇස් ඇරෙයි ?

0
77

GR 1පාතාල නායකයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බන්ධනාගාරයේ සිට කරන අපරාධ මෙහෙයුම් වහාම නතර කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ(01) අවධාරණය ‍කර තිබුණි.

මෙය නිවැරැදි කිරීමට බන්ධනාගාරය තුළ ජංගම දුරකතන භාවිතය සම්පූර්ණයෙන් තුරන් කළ යුතු බව ද රාජපක්ෂ මහතා එහිදි වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

බන්ධනාගාරවල අභ්‍යන්තර තත්වය විමර්ශනය කරනු පිණිස ජනාධිපති කාර්යාලයේ ඊයේ(01) පැවති සාකච්ඡාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එසේ පැවසීය..බන්ධනාගාරය හෝ පොලීසිය බිඳ වැටී ඇත්නම් රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී එය බලපාන බව ද ජනාධිපතිවරයා කියා සිටියේ ය.
කුමන දේශපාලන මතයක් දැරුව ද නිලධාරියකු හරි දේ කරන්නේ නම් එය අනුමත කරන බව ද රාජපක්ෂ මහතා කීය. රට තුළ සිදුවන බොහෝ අපරාධ සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් බන්ධනාගාරයේ සිට මෙහෙයවන බවට නිශ්චිත තොරතුරු අනාවරණය වී තිබේ. ඒ පිළිබඳ ජනතාව අතර ද දීර්ඝ කාලයක සිට පවතින මතය ඉතා කනගාටුදායක බව ජනාධිපතිවරයා පැවැසීය.

මේ අතර පසුගියදා මිගමුව බන්ධනාගාරයේ සිදුව ඇති දැවැන්ත අක්‍රමිකතා රැසක් මාධ්‍ය විසින් හෙළිදරව් කර තිබුණි. ඒ සියල්ලට බන්ධනාගාර අධිකාරිවරයාගේ සහ ඇතැම් බන්ධනගාර නිළධාරින්ගේ මෙන්ම විශේෂයෙන්ම නිළධාරිණියන්ගේද නොමද සහය ලැබු තිබුණු බව හෙළිදරව් විය.
මේ අනුව මිගමුව බන්ධනගාරයේ අධිකාරිවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකොට යවා ඇති අතර අලුත් අයෙකු පත්කර තිබේ.
දුෂණ චෝදනා කප්පරක් එල්ලවු මිගමුවේ බන්ධනාගාර අධිකාරිවරයා ඇමති ජොන්ස්ටන්ගේ  සමිප හිතවතෙකු බවද කියැවේ.