පාද යාත්‍රාවේ අඩුපාඩු කියූ රුක්මන්ට – මල්රාජ් පහරදෙයි ?

0
53

පාද යත‍්‍රාව සම්බන්ධයෙන් පළාත් සභා මන්ත්‍රී මල්රාජ් පීරිස් හා හිටපු ප‍්‍රදේශිය සභා මන්ත්‍රී රුක්මන් ප්‍රනාන්දු  අතර ඇති වු බහින්බස්විමක් මත  ඇති වු  ගැටුමක් හේතුකොටගෙන  පළාත් සභා මන්ති‍්‍රවරයා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.
ඉකුත් 31 දින නිටිටඔුවෙන් ආරම්භ වු පාද යත‍්‍රවට සහභාගි වී ඇති වයඹ පලාත් සභා මන්ත්‍රී මල්රාජ් මහතා පාද යාත්‍රා වේ මදක් ගොස් යෑමට නොහැකිව නැවත නිවස බලා යන අවස්ථාවේ  මිගමුව කුරණ ප‍්‍රදේශයේ  ගිමන් හලකින් තේ බොමින් සිටියදී ඒ අසලට පැමිණි හිටපු පා.සභා මන්ත්‍රී රුක්මන් ප්‍රනාන්දු (එජනිස)  එම ස්ථානයට පැමින ඇති අතර දෙදෙනා සුහදව කථා කරමින් සිටියදී රුක්මන් විසින්  ‘පාද යත‍්‍රාෙවි සෙනග’ උඩුයි නේද යනුවෙන් මල්රාජ්ගෙන් අසා ඇත.  එයට උරණ වු වයඔ  පලාත් සභා මන්ති‍්‍රවරයාගේ ආරක්ෂක ගිණි අවිය අතට ගෙන පහර දීමක් කලබවට  රුක්මන් ප්‍රනාන්දු විසින් පොලීසියට කළ පැමිණීල්ලකට අනුව පලාත් සභා මන්ති‍්‍රවරයාව මිගමුව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ. පසුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 5 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මිගමුව ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් මිගමුව පොලිසිය වැඩිදුර පරික්ෂන පවත්වනු ලබයි.

පි‍්‍රයපේම මානික්ක රත්න