පානදුර මුහුදේ ගිලූණු නැවේ ලිහිසි තෙල් මෝරවලේ ….

0
92
     
 පානදුර ට ආසන්න මුහුදේ වසර 04 ක පමන කාලයක් නැංගුරම්ලා තිබූ තෙල් නැවක් මේ වන විට මුහුදේ ගිලෙමින් පවතී. නැව ගිළියාම හේතුවෙන් එහි ගබඩා කර තිබූ ලිහිසි තෙල් මේ වන විට අවට මුහුදේ පාවෙමින් පැවති අතර මීගමුව වෙරළාසන්න ප‍්‍රදේශවලටද එම තෙල් ගසා ගෙන පැමීන ඇති බව පසුගිය අගෝස්තු 24 වැනි දින මීගමුව ¥ව ,මෝරවල ප‍්‍රදේශයෙන් වාර්තා විය.  සයිප‍්‍රස් රාජ්‍යයට අයත් මෙම නැවේ ලිහිසි තෙල් ටොන් 70 ක් පමන ගබඩා කර තිබූ බවට වාර්තා වුණි. නීතිමය ප‍්‍රශ්නයක් හේතුවෙන් මෙම නැව පානදුර අවට මුහුදේ මෙතෙක් කලක් නැංගුරම්ලා තිබුණු අතර එය තී‍්‍රකුණාමලය ප‍්‍රදේශයට ඇදගෙන ගොස් ගබඩා කල තෙල් ඉවත් කරන්නට සුදානම් බවට වාර්තා වූ නමුත් එය මෙතෙක් කි‍්‍රයාත්මක වී නොමැත. එවැනි තත්වයක් තුල මුහුදට විසිරී ඇති මෙම ලිහිසි තෙල් නිසා බරපතල පරිසර අනතුරු රැුසක් නුදුරේදී ඇති විය හැකි බවට පරිසරවේදීහු අනතුරු හ`ගවති. එම තත්වය ඉතා අහිතකර ලෙස මීගමුව වෙරළාසන්න ප‍්‍රදේශ වලටත් , විශේෂයෙන්ම මීගමුව අවට මුහුදු කලාපයටත් බලපානු ඇත. මෙහි අනර්ථකාරී තත්වය මීගමුව අවට මුහුදේ ධීවර කර්මාන්තය වෙතද නුදුරේදීම ඉතා දැඩිය බලපානූ ඇත.
  ඡායාරෑපයේ දැක්වෙන්නේ පසුගිය අගෝස්තු 24 වැනි දින මීගමුව  ප‍්‍රාදේශීය ලේකම්වරයා අපදා කළමනාකරණ අමාත්‍යාංශ නිලධාරියෙක් සහ පරිසර නිලධාරියෙකු සමග
මීගමුව ,මෝරවල ප‍්‍රදේශයට ගොස් මෙම තත්වය නීරීක්ෂණය කළ අයුරුයි.

 Photo - රේමන්ඩ් අපෝන්සු