පාන් මිල අඩු කරන්න බැහැ !

0
143

-.
. මේ වනවිට රටේ පවතින පාන්පිටි, මාගරින් සහ බිත්තර මිල හේතුවෙන් පාන් මිල අඩු කිරීමට නොහැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති, එන්.කේ ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ අදහස් පළ කළේ රද්දොළුගම ප්‍රදේශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පවසන්නේ පාන් පිටි, මාගරින්, සහ බිත්තර මිල අඩු නොකිරීම හේතුවෙන් පාන් මිල අඩු කිරීම කළ නොහැකි බවයි.එලෙසම ඔහු පෙන්වා දෙන්නේ,පාන්පිටි මාගරින් සහ බිත්තර ව්‍යාපාරිකයන්ගේ මාපියාව හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වී ඇති බවයි. මේ සම්බන්ධයෙන් රජයට කොපමන දැනුවත් වීම් කලද ඒ පිළිබඳව රජය කිසිදු තැකීමක් නොකළ බවද ඔහු පැවසීය.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් දැනුවත් කිරීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියත්, මේ වනතෙක් ඒ සඳහා කිසිදු දැනුම් දීමක් ⁣හෝ තම සංගමයට ලැබී නොමැති බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පියපේම මාණික්කරත්න