පාන් වෙනුවට කේක් මිළ අඩුවෙන ලකුණු ?

0
71

bread_1807973bනව රජය බලයට පත්විමත් සමගින් ඉහල පහල යන මිළ ගණන් ගැන පුළුල් කථා බහක් බුකිය තුල මෙන්ම ඉන් පිටතදිද සිදුවෙමින් පවති.
මේ අතර වඩාත් කතා බහට ලක්ව ඇති මාතෘකාවන් අතර පාන් මිළද වේ.
මේ අතරබේකරි නිෂ්පාදනවල මිල පහත දමන ලෙස සියලු බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා තිබේ.

එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා මාධ්‍ය කළ  විමසීමකදී ප්‍රකාශ කර තිබුනේ  බේකරි හිමියන් වෙත රජය ලබා දී ඇති සහන සහ බදු අඩු කිරීම් හේතුවෙන් එම නිෂ්පාදනවල මිල පහත දැමිය හැකි බවයි.

ඒ අනුව රුපියල් 05කට වැඩි අගයකින් පාන් හැර සෙසු  බේකරි  නිෂ්පාදන මිල පහත දැමීමේ හැකියාව පවතින බව ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම කේක් නිෂ්පාදන මිලද රුපියල් 50කින් පමණ පහත හෙලීමට ක්‍රියාකලයුතු බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසුවේ