පාපන්දු නොගහ පාපන්දු ලොකුපුටුවට ඉල්ලන ලොක්කෙකුට ”මාතර පොඩි” කියපු මරු කථාව ?

0
64

මාතරපොඩි1එළඹෙන පාපන්දු සම්මේලනයේ නිළවරණය පසුබිම් කොට ගත් මාධ්‍ය හමවක් පසුගිය දිනක ශ්‍රි ලංකා පදනම් ආයතනයේදි පැවැත්විණි.
මෙහි කේන්ද්‍රිය තේමාව වි තිබු.
නේ යළිත් පාපන්දු සම්මේලනයේ සභාපති පුටුවට තරග කරන මීගමුවේ රංජිත් රුද්‍රිගු ය
ඔහුට එල්ලවි තිබුනේ චෝදනා අතර ප්‍රධාන එකක් වි තිබුනේ රංජිත් රුද්‍රිගු යනු කිසිදිනක අඩුම පාසැල් කණ්ඩායමකට වත් පාපාන්දු ක්‍රිඩා නොකළ අයෙකු බවය
මෙම මාධ්‍ය හමුවේදි ප්‍රබල අභියෝගයක් එල්ලකරමින් ජාතික කණ්ඩාමේ හිටපු නායක චතුර ගුණරත්න මෙවර පාපන්දු සභාපතිකමට ඉල්ලන රංජිත් රුද්‍රිගු වෙත ප්‍රබල චෝදනාවක් එල්ල කර සිටියේය.
ඔහු කියා සිටියේ  තරග පාවාදිමේ සිදුවිමක් ගැන පළමු වරට තමන් විසින් හෙළිකර සිටිමත් සමගින්  එයට විරෝධය පළකරමින් පළමු චෝදනාව කර සිටියේ රංජිත් රුද්‍රිගු බවය.
එතැන් පටන් තමන්ගෙන් දිගින් දිගටම පලිගත් බවද කියා සිටියේය.
එමෙන්ම තවත් එක් ප්‍රබල කරුණක්ද කියා සිටියේය.
මාධ්‍යවේදින් හමුවේ ඡායාරුපයක් පෙන්නුම් කරමින් මාතර පොඩි නොහොත් චතුර ගුණරත්න කියා සිටියේ තරුණ ක්‍රිඩකයන් සිටින කණ්ඩායමක ක්‍රිඩා කණ්ඩාමේ ටිෂර්ට් එකක ඇදගෙන ඉන්න රංජිත් රුද්‍රිගු සිටිම තුලින්ම පාපන්දු ක්‍රිඩාව පත්ව ඇති තත්වය කියා පාන බවය.
ඔහු අවසන් වරට මාධ්‍යවේදින්ගෙන් එක් ඉල්ලිමක් කළේය.
එනම් රංජිත් රුද්‍රිගු වැනි අයෙකුට යළිත් පාපාන්දු සම්මේලනයේ සභාපතිධුරයට පත්කර නොගන්නා ලෙසය.සල්ලි වලට නෙමෙයි  පාපන්දු ක්‍රිඩකයන්ට තැනක් දෙන්න වැටුන පාපන්දුව ගොඩගන්න කියාය.

 

වතුර ගුණරත්න විසින් සදහන් කරන ලද තරග පවාදිමේ පිළිබදව  සිදුවිමේ පසුබිම් විස්තරයක් ප්‍රින්ස් ගුණසේකර මාධ්‍ය වේදියා විසින් ලියන ලද සටහනක් පහතින් දැක්වේ

ශ්‍රී ලංකා පාපන්දු පිලට වසර 5ක් ක්‍රීඩා කළ මැද පෙළ ක්‍රීඩක චතුර ගුණරත්න ජාතික පාපන්දු සංචිතයෙන් ඉවත් කර ඇත. ශ්‍රී ලංකා පාපන්දු පිලේ උපනායකයා ලෙස කටයුතු කළ චතුර ගුණරත්න ජාතික පාපන්දු සංචිතයෙන් ඉවත් කිරීම පිළිබඳව ඔහුට කිසිදු හේතුවක් දන්වා නොමැති වීමද විශේෂත්වයකි. පාපන්දු ක්‍රීඩා ලෝලීන් හා ක්‍රීඩකයන් අතර ‘පොඩී’ ලෙස හැඳින්වෙන චතුර ගුණරත්න ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයෙන් ඉවත් කිරීම පසුපස ප්‍රබල කුමන්ත්‍රණයක් ඇතැයිද වාර්තා වේ.

පසුගිය කාලයේදී ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයන් කිහිප දෙනෙකු මුදලට තරග පාවාදීමේ චෝදනා මත තරග තහනමකට ලක් වූ අතර එම සිද්ධිය හෙළි කරන ලද්දේ චතුර ගුණරත්න විසිනි. සිංගප්පූරු ජාතික සූදු අන්තුවෙකුගේ යෝජනාවක් මත පාපන්දු තරග කිහිපයක් පරාජය කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එයට අදාළ සියලු තොරතුරු ජංගම දුරකථනය මගින් පටිගත කරගෙන ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ලබා දීමට චතුර ගුණරත්න ක්‍රියා කර තිබුණි.

මහත් ආන්දෝලනයකට තුඩුදුන් මේ සිද්ධියේ තොරතුරු හෙළි කිරීමෙන් උරණ වූ පිරිසක් චතුර ගුණරත්නගේ පාපන්දු ජීවිතය විනාශ කිරීමට වෙරදරමින් සිටින බව වාර්තා වේ. චතුර ගුණරත්න අවසන් වරට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කොළඹදී පැවැති ආසියානු පාපන්දු සම්මේලන කුසලාන තරගාවලියේදී බංග්ලාදේශයට එරෙහිව ගෝල් වාර්තා කළේ ය. මේ වසරේ නිමා වූ චැම්පියන් ලීග් පාපන්දු තරගාවලියේදී මීගමුව දොන් බොස්කෝ පිල වෙනුවෙන් ගෝල් 16ක් ලබා ගැනීමද කැපී පෙනෙන දක්ෂතාවකි. එම තරගාවලියේ වැඩිම දෙවැනි ගෝල් ලාභී ක්‍රීඩකයා ද ඔහු විය.

මාතර සර්වේසස් විදුහලෙන් ක්‍රීඩාවට පිවිසි චතුර ගුණරත්න 28 වැනි වියෙහි පසුවෙයි. මෙවැනි දක්ෂ ක්‍රීඩකයෙකුට ලැබිය යුතු අවස්ථාව අහිමි කරන්නේ ශ්‍රී ලංකා පාපන්දු ක්‍ෂේත්‍රයේ ඇති කුමන බලපෑමකින්ද යන්න ප්‍රශ්නයකි. ශ්‍රී ලංකා ජාතික පාපන්දු පිල ලබන මාර්තු 8 දා සිට 11 දා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී මේ වසරේ ප්‍රථම ජාත්‍යන්තර පාපන්දු තරගාවලියට සහභාගීවීමට නියමිතය. අනතුරුව මාර්තු 27 දා නේපාලයේ පැවැත්වෙන ආසියානු පාපන්දු සංගම් අභියෝග කුසලාන තරගාවලියට ද සහභාගීවේ.