පාප්තුමන්ගේ ආගම සහ ගෝඨාව පිලිගන්න ගිය පියතුමන්ලාගේ ආගම!

0
54

පාප්තුමන්(8.30 pm ) ප්‍රැන්සිස් පාප්තුමන් විසින් සුඩානයේ නායකයන්ගේ පාද සිපගනිමින් සාමයට කැපවෙන්නට යැයි කරන ලද ඉල්ලිමට අදාල ඡායාරූපය මේ වන විට ලෝකය පුරා මහත් කථාබහකට ලක්වෙමින් තිබේ.
ලංකාව තුල පවා කිතුණු නොවන ආගම් වල ජනකොටස් අතර පවා ඒ පිළිබදව මහත් වු ප්‍රසාදයකින්  යුතුව කරුණු ලබන සටහන් මේ වන විටත් මුහුණු පොත තුල සැරිසරන්නට පටන් ගෙනය.
පාප්තුමන් යුද්ධයට එරෙහිව සාමය වෙනුවෙන් කැපවෙන්නට යැයි දෙපා සිඹ අත් අල්ලා අයැද සිටිද්දි අද දිනයේ තවත් අපුරු සිදුවිමක් කටුනායක ගුවන් තොටුපලින් අපට වාර්තා විය.
එනම් ජන ඝාතක යුද්ධයකට නායකත්වය දුන් නායකයෙකුව පිළිගෙන ආශිර්වාද කොට අත්අල්ලන්නට කතෝලික පල්ලියේ පියවරුන් දෙපලක් ගුවන් තොටට ගොස් තිබිමය.
මින් එක් අයෙකු මීගමුවේ ප්‍රසිද්ධ කිතුණු පාසැලක විදුහල්පතිවරයෙකුද වෙයි.
තම දහමේ නායකයා ලොවට ආදර්ශයක් දෙමින් සාමය වෙනුවෙන දෙපානැමැද යුධ වැදුනු පාර්ශවරයන්ගෙන් අයැඳ සිටිද්දි ලංකාවේ ඇතැම් පියවරුන් ජනඝාතක යුද්ධයක පියවරුන්ට අතට අතදි පිළිගනිති.
ඒ පියවරුන් අදහන්නේද ප්‍රැන්සිස් පාපතුමන්ගේ අාගමමදැයි දැන් නම් අපට ඇත්තේ සැකයකි.ජයන්ත පියතුමා 2ජයන්ත පියතුමා 1