පාප්තුමන්ගේ චාරිකාවේ අවසන් නිළ කටයුත්ත මීගමුවේදි ?

0
70

POTD_Pope_parrot_2806209kපාප්තුමන්ගේ ශ්‍රි ලංකා සංචාරය මහත්සේ ගැටළු සහගත එකක් බවට පත්වෙමින් ඇත්තේ ඒ සමිපයේම යොදාගන්නට නියමිත යැයි කියන ජනාධිපතිවරණයත් සමගින්ය.
වතිකානුවේ සම්ප්‍රදාය ලෙසින් සැලකෙන්නේ පාප්තුමන්ගේ කිසිදු රාජ්‍ය සංවාරයක් ඒ රටවල මැතිවරණ පවත්වනු ලබන කාලසිමාව ආසන්නයේ යොදා නොගන්නා බවය.
ඒ අනුව බලන කළ මේ ප්‍රතිපත්තිය ලංකාව තුලදි අනිවාර්යෙන්ම අර්බුදයකට ගමන් කිරිමට නියමිතව තිබේ.
දැනට වාර්තා වන අන්දමට මැතිවරණය බොහෝ දුරට ජනාවරි 08 වනදාට යෙදෙනු ඇත.තතු එසේවන්නේ නම් පාප්තුමන්ගේ සංචාරය පිළිබදව අනිවාර්යෙන්ම තින්දුවක් ගැනිමට කතෝලික සභාවට සිදුවනු ඇත.
එහෙත් පසුගිය දිනවල මාධ්‍ය විසින් වාර්ථා කර තිබුනේ ආරක්ෂක ලේකම් වරයා විසින් කෙසේ හෝ පාප්තුමන්ව ලංකාවට ගෙන ආය යුතු බවට තදබල ඉල්ලිමක්  ශ්‍රි ලංකා කතෝලික සභාවෙන්  කර තිබුනේ යැයි කියාය.
කෙසේ වෙතත් දැනට ප්‍රකාශයට පත්ව ඇති වැඩසටහන් විස්තරයට අනුව පාප්තුමන් 2015 ජනාවාරි 15 පිලිපිනය බලා ගුවන්තොටුපලින් පිටත්විමට පෙර බෝලවලානේ ඉදිකෙරෙමින් ඇති දේවධර්ම ආයතනයක් විවෘත කිරිමට නියමිතය