පාප්තුමන්ගේ ප්‍රතිපත්තිවලට පයින් ගහපු ලංකාවේ කාර්දිනල් තුමා !

0
146
Pope on Wednesday
” මරණ දඬුවම ලොව පුරා තහනම් කල යුතු ය.නොපිළිගත හැකි දඬුවමක් වන එය කුරිරු ය, අකාරුණිකය, ආත්ම ගෞරවය කෙලෙසන්නේ ය. අපරාධයකට ගොදුරු වුවනට එයින් යුක්තිය ඉෂ්ට කෙරෙන්නේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ පලිගැනීමට පෙළඹවීම පමණි.”  ප්‍රැන්සිස් පාප් වහන්සේ මේ බව කියා සිටියේ තමන් හමුවීමට පැමිණි මරණ දඬුවමට එරෙහි ජාත්‍යන්තර කොමිසමේ නියෝජිත කණ්ඩායමකට පිළිතුරු දෙමිනි.
පාප්වහන්සේ ගේ ප්‍රතිචාරය ලිපියක් මගින් ඔවුනට ලබා දෙන ලදී.
“නුතන නීතියේ ස්වභාවය අනුවත් මරණීය දණ්ඩනය අසාර්ථක එකකි. මන්ද එය යුක්තියේ නාමයෙන් ඝාතනය කිරීමට රාජ්‍යයකට බල කරය, .” යයි එම ලිපියේ පාප්වහන්සේ පවසති. එහෙත් ඝාතනය යනු සිය දේශපාලන  විරුද්ධවාදීන්, සුළුතර ජනකොටස්  සේම සිය බලය පවත්වාගෙන යාමට බාධාවක් වෙතැයි සිතෙන ඕනෑම අයකු ඉවත් කිරීමට ආඥාදායක පාලකයන් සහ භක්ති උන්මත්තකයන් යොදා ගන්න ක්‍රමයකි.”
මේ අන්දමින් පාප්තුමන් විසින් මරණ දඩුවම පිළිබදව පැහැදිලි ස්ථාවරයක් ගෙන තිබියදි  ලංකාවේ මැල්කම් රංජිත් කාර්දිනල් තුමන් විසින් මරණ දඩුවටම කැමැත්ත පළකොට තිබේ.cardi_malcolm_005
මේසේ පාප්තුමන්ගේ ස්ථාවරයට පයින් ගසා ලංකාවේ පාලකයෙකුගේ ජනප්‍රිය ස්ථාවරයක් ගැනිම ලංකාව තුල ලාහෙට ප්‍රචාරක වාසියක් ගැනිමට යැයි හැගෙවෙන සංවාදයක් දැනටමත් සාමාජ මාධ්‍යවල පළව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here