පාප්තුමා අනිවාර්යෙන්ම එන බව සිරිල් ගාමිණි පියතුමා සහතික දෙන්නේ කොහොමද ?

0
263

Fr.-Cyril-Gaminiලබන වසරේ ජනවාරි 13,14,15 යන දිනයන් වලදී අති ගරු ශුද්ධෝත්තම පාප් වහන්සේගේ සංචාරය අනිවාර්යෙන් සිඳු වන බව ජාතික කතෝලික ජන සන්නිවේදන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ සිරිල් ගාමිනී පියතුමා පැවසු බව ලංකා හෙරල්ඩ් වෙබ් අඩවිය වාර්ථා කර තිබුණි.
එතුමන් මෙසේ පිළිතුරු දි තිබුනේ පාප්තුමන් ජනවාරියේ පැමිණෙන්නේ නැති බවට පැතිර යන කට කථා වලට පිළිතුරු දෙමිනි.

ජනවාරි මාසයේදී එළඹෙන ජනාධිපතිවරණය පැවැත්වෙනවාද? නැද්ද? යන්න පිළිබඳව තවමත් නිළ වශයෙන් දැනුම් දී නැති බැවින් පාප් වහන්සේගේ ගමන අඩාළ කිරීමට අගරදගුරු මණ්ඩළය කිසිසේත්ම සූදානම් නොමැති බව සිරිල් ගාමිනී පියතුමා අවසාන වශයෙන් සඳහන් කරන අතර පසුගිය දිනක මැල්කම් රංජිත් කාදිනල් පියතුමා විසින් ජනාධිපතිතුමාට ඉදිරිපත් කළ ලිපියට ප්‍රතිචාරයක් ලැබුණා ද? නැතිද? යන්න දන්නේ කාදිනල්තුමා පමණක් බවත් කාදිනල්තුමා මාධ්‍ය වෙත අදහස් දැක්වීමෙන් වැළකී සිටින බවත්  සඳහන් කළේය.
සිරිල් ගාමිණි පියතුමාගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් නම සදහන් කිරිමට අකමැති කතෝලික පියතුමෙකු මිපුරට සදහන් කළේ මැතිවරණ සමයකදි පාප්තුමන් ප්‍රතිපත්තිමය වශයෙන් කිසිදු රටක සංචාරයක් නොකරන තත්වයක් තුල රජය කතෝලික සභාවේ ලිපියටවත් පිළිතුරුක් නොදි සිටියදි සිරිල් ගාමිණි පියතුමාගේ ප්‍රකාශය ඇත්තටම ගැටළු සහගත බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here