පාප්වහන්සේට නිගරු කිරිම නවත්වන්න කතෝලික සභා නායකත්වයට හැකිද ?

0
148

මේ දිනවල කිතුණුවන් අතර ප්‍රධාන කථා බහට ලක්ව ඇති එක් කරුණක් වන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ කටයුතු සඳහා පාප් වහන්සේ ගේ ගමන කෙසේ නම්  යොදා ගනිවිදැයි කියාය.
එයට හේතුව වි ඇත්තේ පසුගිය දිනවල පාප්තුමන්ගේ රුව සහිත දැවැන්ත පුවරු කිපයක්ම විවිධ තැන්වල සවිකරතිබිමත් පොස්ටර් ඇලවි තිබිමත් නිසාය.
මේ සම්බන්ධයෙන් හෙරල්ඩ් වෙබ් අඩිවියමේ සම්බන්ධයෙන් කතෝලික සභාවේ මාධ්‍ය අධ්‍යක්ෂ සිරිල් ගාමිණී පියතුමාගෙන් අප කළ විමසීමේදී එතුමා පවසා තිබුනේ..

‘ අපි සියළුම මැතිවරණ අපෙක්ෂකයන්ගෙන් මේ ඉල්ලීම කරලා තියෙනවා පාප්වහන්සේගේ මෙරට සංචාරය තම තමන්ගේ මැතිවරණ ප‍්‍රචාරක වැඩවලට යොදා ගන්න එපා උන්වහන්සේගේ රුව ඇතුලත් ඡොයාරූප මේ දේට ගන්න එපා කියලා. නමුත් අපිට කරන්න පුලුවන් ඉල්ලීම් කිරීම පමණයි එම සදාචාරය රැකිය යුත්තේ ඔවුන් විසිනුයි මේ දේවලින් සිදුවන්නේ කතෝලික ජනතාව කම්පාවට පත්වීමයි’’
ඒ අනුව පෙනි යන්නේ පාප්තුමන්ගේ රුව තවදුරටත් එසේ යොදාගෙන විවිධ ප්‍රචාරක කටයුතු වලට දේශපාලකයන් විසින් අරඇන්දද කතෝලික සභා නායකත්වයට කළ හැකි කිසිවක් නොමැති බවයි.pop-psters 2

pop-2

pop_with_mahinda