පාරවල්වලින් රු.කෝටි ගණනින් හම්බකරගත් නිමල් ලංසාගේ සංවර්ධන කෙරුවාවේ ඇත්ත මෙන්න !

0
77

NGB bus terminal 3.jpg

මේ දිනවල මැතිවරණ අපෙක්ෂකයන් විසින් සිය පම්පෝරිය ගැන විවිධ කථා මැතිවරණ වේදිකාවල මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේද පතුරුවාලිමින් සිටිති.මේ අතර මුදල් ගෙවා දැන්විම්ද පළකරති.දැනටමත් ලක්ෂ ගණනින් මුදල් විසිකරමින් මැතිවරණ ප්‍රචාරක බිමේ පිණුම ගසන නිමල් ලංසා විසින් මිගමුවේදි කරන්නට යෙදුන අසාර්ථක ව්‍යපෘති හා ඒ වෙනුවෙන් රුපියල් කෝටි ගණනින් මහජන මුදල් කබාසිනියා කිරිම ගැන ගම්පහ දිස්ත්‍රික් ඡන්දදායකයා නිවරදිව දැනගත යුතුය.
මේ ලිපියේ අරමුණ ඒ සදහා ප්‍රවේශයක් ලබාගැනිමය.ම

කඩ 78 යි ! බස් නැතුම් 24 යි ? මිගමු බස් නැවතුමේ ඇත්ත කථාව

මීගමුවේ බස් නැවතුම් පළ ඇත්ත වශයෙන්ම ඉදිකරන්නට යෙදුනේ ඒ වන විටත් ඉතා හොද මට්ටමකින් පැවැති බස්නැවතුම් පළ කඩා බිද දමාය.
ඒ ඇයිද යන්න හෙලි වුයේ නිමල් ලංසාගේ බස්නැවතුම පිළිබද සැලැස්ම අනාවරණය විමත් සමගින්ය.
ලංසා පවුලේ අමතර අදායමත් නගර සභාවේ වියදම් වලට මුදල් සොයා ගැනිමත් අරමුණු කොට ගෙන ඇත්ත වශයෙන්ම ඉදිකෙරුනේ කඩසාප්පු සංකිර්ණයකි.
විශාල මුදලක් මේ සැමගෙන්ම කි මනි ලෙසින් ලංසා පාලනය විසින් ලබාගෙන තිබුණි.එබැවින් ඇත්තටම සිදුවයේ කඩසාප්පු සංකිර්ණයක් හදා එහි ඉතිරි වු තැන්වල බස්නැවැත්විමට කටයුතු සලසා දිමය. තවත් අයුරකින් කියන්නේ නම් පැරණි බස්නැවතුමපළ කඩා ඒ බිමේ සාප්පු සංකිර්ණයක් ඉදිකොට එයට මිගමුව බස්නැවතුම් පළ යැයි නම් තැබිමය.එය සනාථ වන්නේ තනා ඇති කඩ ගණන සහ බස් නැවැත්විම වෙනුවෙන් වෙන්කර ඇති ඉඩ ගැන සසදා බලන කල්හිය.
කඩ සාප්පු 78 අස්සේ බස්නැවතුම් ස්ථාන තිබුනේ 24 ක් පමණි.
මෙය එහෙම පිටින්ම අසාර්ථක ව්‍යාපෘතියකි.
වැඩි හරියක් කඩ ඇත්තේ වසා දමාය.
ඉහල මාලයන් කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි අයුරින් ප්‍රමිතියෙන් තොරය. එහි අතුරා ඇති ටයිල් ගැලවි ගොසිනි.
|

රුපියල් කෝටි ගණන් කාබාසිනියා කළ තැබෑරුම්වත්ත ව්‍යාපෘතිය

මිගමු සංවර්ධනයේ නියමුවා යැයි පුරසාරම් දෙඩුවද සැවින්ම ලංසා විසින් මිගමුව කේන්ද්‍ර කොට සිදුකරන්නට යෙදුන සියළු සංවර්ධන ව්‍යාපෘති අන්තිම අසාර්ථක ඒවායේ . ඇතැම් ව්‍යාපෘති මුදල් පමණක් කාබාසිනියා කොට මේ වන විට ඇස්පනා පිට සාක්ෂි ලෙසින් මිගමුව ජනයාගේ නෙත ගැටෙමින් තිබේ. තැබැරැම් වත්තේ ඉදිකරන්නට පටන් ගෙන අතහැර දැමු සාප්පු සංකිර්ණය එක් නිදසුනකි.
එහි මහජන මුදල් රුපියල් කෝටි ගණක අපතේ ගොස් ඇත.

තැබෑරුම්වත්ත

කෝටි ගණන් වැය කොට හැදු අදටත් විවෘත කරගන්නට බැරිවුණ කාමච්චෝඩේ සතිපොළ


අනික සුදු අලියා වන්නේ අදටත් විවෘත කරගැනිමට නොහැකිව ඇති ගමට යන පාරක් වසා දමා ඉදිකරන්නට යෙදුන කාමච්චෝඩේ වෙළද පොළයි.වසරත් ගණනාවක් පුරාවම ජනයා භාවිතා කළ පාරක්ද වසා ඉදිකරන්නට යෙදුන මේ දිවි නැගුම සතිපොල අදටත් විවෘත කරගැනිමට නොහැකිව තිබේ.
ඒ’ වෙනුවෙන් ගෙනඑන්නට යෙදුන එළවලු බංකි ඇතුලු අනෙක්දැ මේ වන විටත් විනාශව ගොසිනි.

විදේශ ආධාර මත සිදුකරන ලද සියළු සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රතිලාබ මිගමු බදු ගෙවන ජනයාට නොවේ

විදේශ ආධාර මත ඉදිකරන්නට යෙදුන ව්‍යපෘතිවලද ප්‍රයෝජනය අවසන් වශෙයෙන්  කිසිදිනක මහජනයා අතරට ගියේ කැත.
මුහන්දිරම් පිටිය අසල කලපු ධිවරයන් වෙනුවෙන් යැයි කියා ඇටවු තොටුපලත් ඒ සමිපයේම කාර්යාලක් ඉදිකර වංගුවක් ගසා ඉදිකර ඇති සුපිරි ඉඩකඩ දැන් ප්‍රයෝජනයට ගන්නේ කෝටිපති ව්‍යාපාරිකයෙකු වු ගුරුගේ විසිනි.
මේ ගණුවෙණුවේන බර ගැන දන්නේද ලංසාම පමණි.

මුහුදු ලුණට කඩන් වැටෙන මාළු වෙළද පොල

 

ලුණට දිරාපත්විම හේතුවෙන් කඩන් වැටෙන මාළු වෙළද පොල


අනික් ව්‍යපෘතිය වන්නේ මිගමුව කොටුව පිට්ටනිය අසල ඇති මාළු වෙළදපළයි . එය විදේස් ආධාර මත ඉදිකෙරුණකි.’එය නගර සභාව වෙත පවරණු වෙනුවට ලංසා කලේ එය වැල්ලිවිදිය දේවස්ථානයට භාර දිමය.ඒ හරහා එය වසර ගණනාවක් පුරාවට ලසංගේ පියාට පල්ලිය විසින් ලබා දි තිබෙුනේ සිය මඩිය තරකර ගැනිම සදහාය.
පාරවල් රථගාලක් කරමින් නීති විරෝධි ක්‍රියා ආරම්භ කර තිබුනේද ලංසාගේ පියා විසින්මය.
මේ අනුව නිමල් ලංසා ඔස්ට්‍රේලියාවෙන් ඉඩම් නිවාස මිළදි ගෙන ඇති ආකාරය ගැන අමුතුවෙන් දැන් විස්තර කළ යුතු නොවේ.
මේ අය යළිත් වරක් සිය හාම්පුතාලා බලයට ගෙන එන්නට දගලන්නේ සිය පවුල් ආදායම් ව්‍යාපෘති තවත් ඉහලට ඔසවා ගැනිමට මිස මිගමුවේ ජනයාට සෙතක් කිරිමට නම් නොවන බව දැන් තවත් පැහැදිලි කළ යුතු නොවේ. මන්ද එය එතරම්ම පැහැදිලිව ගොස් ඇති බැවිනි.

රාජපක්ෂ මුඳළිදුගේ නමටත් නිගාදුන් රාජපක්ෂ උද්‍යානයේ මංකොල්ලය .


මිගමුවට ඇති එකම උද්‍යානය වු අක්කර 7 කින් සමන්විත වු රාජපපක්ෂ උද්‍යානය එදා මුඳළිදු රාජපක්ෂ විසින් මිගමුවේ ජනයා වෙනුවෙන් නගර සභාවට ලබාදි තිබුනේ එක කොන්දේසියක් මතය. එනම් රාජපක්ෂ උද්‍යානය සිය විවේකය ගත කිරිමට යොදාගන්නා ජනයා වෙනුවෙන් කිසිදු මුදල් අය කිරිමක් නොකළ යුතු බව කියමිනි.

රාජපක්ෂ මුදළිදු


එහෙත් නිමල් ලංසා නගරාධිපතිව සිටියදි මෙම කොන්දේසියත් බල්ලට දමමින් රාජපක්ෂ උද්‍යානයේ ඔප්පුව පවා විනාශ කර දමමින් උද්‍යානය කොම්පැනිවලට බදු දෙන්නට කටයුතු කර තිබුණි.රාජපක්ෂ උද්‍යානයේ නම පවා වෙනස් කොට ඩයිනෝ පාක් යනුවෙන් නම් කිරිමට තරම් නිමල් ලංසා නරුමයෙකු විය.

අසාර්ථක මේ බදු දිම් හේතුවෙන් රුපියල් ලක්ෂ ගණනක පාඩුවක් විදින්නට නගරය සභාවට සිදුවුනා පමණක් නොව රාජපක්ෂ උද්‍යානය වසර 5 කට ආසන්න කාලයක් වසා දමන්නට සිදුව තිබුණි.
මිගමු ඉතිහාසයේ දේශපාලකයෙකු විසින් කරන්නට යෙදුන අශික්කිතව වැඩේ නිමල් ලංසා විසින් රාජපක්ෂ උද්‍යානයට සිදුකර තිබුණි.