පාරවල් අයිනේ එළවලු ටිකක් විකුණන අයටත් මේ දවස්වල බදු ගහන මිගමු නගර සභා සේවකයෝ ?

0
93

221640980-green-bean-vegetable-market-ginger-spice-street-market(  7.00 pm ) රටත් ජනයාත් මුහුණ දි ඇත්තේ අන් කිසිදාවකවත් මුහුණ නොදුන් අති බැරැරුම් තත්වයකටය. ඒ හමුවේ විශේෂයෙන්ම ජනයා සිය ආදායම් මාර්ග අහිමි හේතුවෙන් ජිවන පැවැත්ම අරභාය දැඩි අර්බුදයක ගැලි සිටිති.
සිය දරුවන්ට කෑමට දිමට යමක් සොයා ගැනිම සදහා පළා මිටියක් පොල් ගෙඩිය කිපයක් සමගින් පාරට පැමිණ වෙළදාමේ යෙදෙන අය මේ දිනවල සුලභය.
පසුගිය දිනවල කොච්චිකඩේ දළුවකොටුව ප්‍රදේශවල මෙසේ එළවළු ටිකක් අලෙවියට තබාගෙන ජිවිතය ගැටගසා ගන්නට වෙහෙසෙන අයගෙන්ද වෙනදා මෙන්ම බදු අයකරගැනිමට මිගමුව මහනගර සභාව කටයුතු කරමින් සිටිම සැබැවින්ම බොහෝ දෙනෙකුගේ පිළිකුලට ලක්වු සිදුවිමක් විය.
මේ අමාරු අවස්ථාවේ ගෙදරින් ගෙනා පොල් ගෙඩි කිපයටත් ගස්ලබු ටිකටත් බදු ගැසු මේ සේවකයන් ගැන මේ අසරණ වෙළදුන් කථා කලේ සැබැ කළකිරිමකිනි.
මේ ජනයා පාරට පැමිණ යමක් විකුණා ජිවිතය ගැට ගසාගැනිමට දගලද්දි මිගමුව මහනගර සභාව ව්‍යාපාරිකයන්ගෙන බත් පාර්සල් එකතු කොට  යාචකයන්ට දිමට වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.
එහෙත් කිසිවෙකුටත් අතනොපා තම ජිවනෝපාය සරිකරගැනිමට පොර බදින අයගෙන් කරන මේ බදු අයකිරිම කොයිතරම් නම් සාධාරණදැයි යළිත් වරක් මේ ආදල බලධාරින් විසින් කල්පනා කළ යුතුව තිබේ