Thursday, December 12, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

පාරවල්, පදික වේදිකාව බදුදීම නගර පාලනය සහ ඇමතිගේ මැදිහත්විම ?

( 9. 30  am ) මීගමුව තුල දැනට කලාන්තරයක් තිස්සේ ක්‍රියාත්මක වන්නේ පළාත් පාලන නිතිය නොව පවුලක කැමැත්ත බව අප අවස්ථා ගණනාවකදිම මතුකර ඇත්තෙමු.

තම පවුලට ආදායම් ලැබෙන්නේ කොතනින්ද ඒවා බදුදිම සකලාකාර නීති වලට පටහැනි වුවද මහජන සුබ සෙත පසෙක  ලා ලංසා පවුලේ අයියා මලෝ දෙදෙනා ඒවා සිදුකලෝය

ඔවුන් කිසිදු නීතියට බය නැති අතර බය පක්ෂපාතිබව දක්වන්නේ තම පියාට පමණි. එබැවින් සැබැවින්ම මිගමුව පාලනය කලේ ලංසා පවුලේ පියා වන පිලේන්ද්‍රන් ලංසාය.

මේ පසුබිම තුල මිගමුවේ හිතුන තැනක් බදු දෙන්නටත් විකුණන්ටත් මේ පවුල රුසියෝ වූහ මහජනයා වෙනුවෙන් ඉදිකෙරුන මහා මාර්ග ඔවුන් පොලවල් බවට පත්කලෝය. පදික වේදිකාව තම පවුලේ හෙංචයින්ටත් තම පවුලටත් නත්තල් කන්නට බදු දුන්නෝය..

එබැවින් පසුගිය කාලය පුරාම නත්තල සමය යනු ලංසා පවුලේ ගජයන්ට බඩියන්ට ගාන කැපෙන මාසය විය. එහෙත් නීතියේ  ඉඩක් මේ සදහා නොතිබුනද නීති තිරණ පවා හංගා දමා පසුගිය නගරය පාලනය කටයුතු කළ අන්දම තතු දන්නෝ කියති.

මීගමුවේ වෙළද සංගම්  අධිකරණය ගොස් තිබුණ අවස්ථාවක දි තිබුණ තිරණ වුයේ පාරවල් මෙන්ම පදික වේදිකාව පවා බදු දිම කළ නොහැක්කක් බවය.

එහෙත් නයිට් බසාර් එක යනු මේ අධිකරණ නියමයන්ට පවා පටහැනිව කටයුතු කරන එකක් බවට අද පත්ව තිබේ.
මහජනයා ගමන් ගත් පාරක් වසා දමා මෙය ක්‍රියාත්මකය

මෙහි ටෙන්ඩර් කරුගේ පියා එවකට පුවත් මවන චණ්ඩියෙකුව සිටි අතර ලංසා පවුලේ ඡන්ද සදහා අතදිගහැර වියදම් කළ අයෙකු ලෙසින් ප්‍රසිද්ධය . දැන් නයිට් බසාර් එක කරන්නේ මේ පොලකරුගේ පුතා විසිනි.

ගිවිසුම ඇත්තේ නගර සභාව සහ නයිට් බසාර් එකේ ටෙන්ඩර්කරු අතරය. තතු එසේව තිබියදි නයිට් බසාර් එකේ වෙළදුන් විසින් දෙසැ 21 වෙනිදා දිනට අමතරව දින 22 / 23/සහ 24 යන දිනයන්වලද නයිට් බසාර් එක පවත්වන්නට කොමසාරිස්වරියගෙන් ඉල්ලා තිබුණි.

එහෙත් ඇය එයට එකඟ වි තිබුනේ නැත. මිගමුවේ දිනපතා පොලේ ව්‍යාපාරිකයන් මෙන්ම මිගමුවේ කඩසාප්පු හිමියන්ද වසරක් පුරා විශාල වියදමක් දරමින් සිය ව්‍යාපාරික ස්ථාන පවත්වාගෙන යති.
එබැවින් තවත් දින 3 ක් නයිට් බසාර් පැවැත්විමේ තිරණයට ඔවුන් දැඩි ලෙස විරෙහි ව සිටි බව ප්‍රකාශ විය.

තතු එසේව තිබියද දැනගන්නට ලැබුණ අන්දමට ඇමතිවරයා  මෙන්ම ජාතික ජනබලවේගයේ මිගමුවේ නොවන ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ද මැදිහත්වෙමින් අවධාරණය කර ඇත්තේ නයිට් බසාර් එකේ වෙළදුන්ගේ ඉල්ලිම ඉටුකිරිමට කටයුතු කරන ලෙසය.
මේ ගැන පැවැති සාකච්ජාවන් වලදි පවා නයිට් බසාර් එකේ  ඇතැම් වෙළදුන් කියා ඇත්තේ මේක අපි පත්කරගත්තු ආන්ඩුව යැයි කියාය.ඉන් අදහස් වන්නේ කුමක්ද ? අප පත්කරගත්තු නිසා නීති අදාල නැතිදැයි ප්‍රශ්ණ කරන්නට සිදුව තිබේ

පුදුමයට කරුණ නම් ආදල ඇමතිවරයා පවා මෙහිදි එක් පැත්තක ඉල්ලිමට සවන් දෙමින් නීතියටත් පිටින් මැදිහත්ව තිබිමය.

පාරවල් වල පොලවල් පැවැත්විමට නීතියේ මෙන්ම පළාත් පාලන නීතියේද ප්‍රතිපාදන නොමැති පසුබිමක විෂය භාර ඇමතිවරයාට ඒ නීති වලට උඩින් ක්‍රියාත්මක විය හැකිදැයි ප්‍රශ්ණයක් මතුව තිබේ

ඇමතිගේ මේ මැදිහත්විම මිගමුවේ ජන බලවේග නායතයන් පවා දන්නවා දැයි අප නොදනිමු. සිස්ටම් චේන්ජ් කරන්නට මේ හැසිරිම් වලින් හැකිදැයි අපට දැන් ප්‍රශ්ණ කරන්නට සිදුව තිබේ.මිගමුව තුල පුරවැසි පාලනයක් ස්ථාපිත කිරිමට මිගමුවට ඇත්තටම ආදරය කරන සැමට බරපතල වගකිමක් හිමිව තිබේ.

දැනට මිගමුව වෙනුවෙන් මේ කටයුත්තට නොබියව කටයුතු කරන එකම මාධ්‍ය කණ්ඩායම හැටියට මිපුර අපි සැමගෙන් ඉල්ලා සිටින්නේ නීතියට උඩින් කිසිවක් නැති මිගමුවක් ගොඩනැගිමට පෙරට එන ලෙසය

 

 

- Advertisement -
Exit mobile version