පාර්ලිමේන්තුවට එන්න බැසිල් අකමැතියිලු ?

0
67

mahinda-rajapaksa-basil-rajapaksa-2010-4-4-12-50-29-colombotelegraphශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නවක මන්ත්‍රීවරුන්ට නායකත්වය ලබාදීමට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි බැසිල් රාජපක්ෂ හට ඊයේ  (28) එම පක්ෂයේ නවක මන්ත්‍රීවරුන් විසින් ආරාධනාවක් කරනු ලැබ තිබුණි

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවේදී ඔවුන් මෙම ආරාධනාව කර සිටියේය

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වු බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ තිබුනේ

“ද්විත්ව පුරවැසිභාවය තියෙන බැසිල් මහත්තයාව මහේන්ද්‍රන්ට සමාන කරන්න එපා..බැසිල් රාජපක්ෂ මේ රටේ පුරවැසියෙක්..රාජපක්ෂ භීතිකාව ඔලුවෙන් අයින් කරගන්න..එතකොට මීට වඩා සාධනීයව මේ කරුණු කාරණා දිහා බලන්න පුළුවන්..” යනුවෙනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් ප්‍රකාශ කර සිටියේ රට ගොඩනැගීම සඳහා නායකත්වය ලබාදීමට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි තමා නවක මන්ත්‍රීවරයෙකු ලෙස, බැසිල් රාජපක්ෂ හට ආරාධනා කරන බවයි.

මෙම ආරාධනාව සම්බන්ධව අද කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ කියා සිටියේ රටේ ජනතාව තමන්ට ආරාධනා කර සිටියොත් ඒ පිළිබඳ සිතා බලන නමුත් දැනට සිටින අයුරින්ම සිටීමට තමන් කැමති බවය

” පාර්ලිමේන්තුවට වඩා මේ ඉන්න විදිහ හොදයි” බැසිල් රාජපක්ෂ මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය