පාර්ලිමේන්තුවේ අපි කතා කරනකොට සජීවීව මාධ්‍යයට දෙන්න -පා.මන්ත්‍රි ජෝශප් මයිකල්

0
117

(නිදහසේ වේදිකාව  විසින් සංවිධානය  මාර්තු 31 වනදා සංවිධානය කරන්නට යෙදුන  නුවර මහජන මන්ත්‍රණ සභාව අවස්ථාෙව්දි  එක්සත් ජාතික පක්ෂ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝශප් මයිකල් පෙරේරා මන්ත්‍රිතුමා විසින් කරන්නට යෙදුන දේශනය )

අද අපි අලුත් වැඩපිළිවෙලකට යනවා.ඒකට කියන්නේ මහජන මන්ත්‍රණ සභාව. දැන් අපි පාර්ලිමේන්තුවට මොනවද කියන්නේ ඒකත් මහජනතාවගේ මන්ත්‍රණ සභාවක් ඒකට තියෙනව් ව්‍යවස්ථා හදන බලය.මේකට එහෙම ව්‍යවස්ථා හදන බලයක් නෑ. ඒකෙ වෙනසක් තියෙනවා.නමුත් අපි නිදහසේ වේදිකාව තුළින් ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡා ඉදිරියට කරගෙන යනකොට අපි කල්පනා කරා පාර්ලිමේන්තුව ගමට ගෙනියන්න ඕනේ කියලා.
ඒක යෝජනා කරේ මම
. පාර්ලිමේන්තුව ගමට ගෙනියන්න ඕන කියලා අපි කියන්න හේතු කීපයක් තිබුණා. එකක් මේ රටේ දේශපාලන බලය තියෙන්නේ ජනතාවට කවුරැ පිලිගත්තත් නැතත් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායක බලය විධායක බලය මේ සෑම දේම තියෙන්නේ ජනතාවට. හුගදෙනෙක් අමතක කරලා කගෙන් හරි ඇහුවොත් මොකක්ද උත්තරීතර කියලා පාර්ලිමේන්තුව කියනවා. තව කෙනෙක්ගෙන් ඇහුවොත් මොකක්ද උත්තරීතර කියලා අධිකරණය කියනවා. ඇත්ත මොකක්ද මේ දෙකම නෙවේ.මම මේක පාර්ලිමේන්තුවේදිත් කිව්වා.ඒ එක එක ආයතන වලට තියෙනවා උත්තරීතරභාවයක්.
නමුත්
1978 ව්‍යවස්ථාවේ අලුත් වගන්තියක් තියෙනවා තේරැමක් ඇතිව ලියපු ජේ.ආර්.ජයවර්ධන මැතිතුමාගේ ඒකෙ තියෙනවා පාර්ලිමේන්තුව ඒ කියන්නේ ව්‍යවස්ථාධායකය නීතිය හදන තැන විධායකය පාලනය පිලිබදව ඒ වගේම අධිකරණය මේ කොටස් තුන බොහොම පැහැදිලිව තියෙනවා ඒවට අයිති කාරයයන් පිලිබදව තවත් කොටසක් තියෙනවා කාටත් අයිති නැති.
පාර්ලිමේන්තුවට අයිතිත් නෑ විධායකයට අයිතිත් නෑ අධිකරණයට අයිතිත් නෑ ඒ තමයි මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම කියන එක
. මේ රටේ සෑම පුරවැසියෙකුටම තියෙනවා අයිතියක් බලයක් මේක හුගදෙනෙක් දැනගෙන හිටියේ නෑ දැන් අපි අද කතා කරන්නේ ඉතාම වැදගත් මාතෘකාවක් පිලිබදව මේ බලය පිලිබදව මං හිතන්නේ වැදගත් සාකච්ඡාවක් මම දැක්කේ හැම දෙනෙක්ම මහින්දට විරැද්ධව කතා කරනවා වගේ එහෙමයි තේරෙන්නේ මොකද මම විතරයි UNP කාරයෙක් විදියට මෙතන කථා කරන්නේ ඒක නිසා මම මේ පාර්ලිමේන්තුවේ තමුන්නාන්සේලාගේ කථා ඔක්කොම අනුමත කරන අතර ඒකට ටිකක් විරැද්ධව කථා කරන්නත් කල්පනා කරනවා.
ඒක තමයි පාර්ලිමේන්තුව කියලා කියන්නේ නැතිනම් අපි ඔක්කොම කියන දේ අහගෙන ඉදලා යනවා මේක එතකොට දැන් තියෙන පාර්ලිමේන්තුව වගේ වෙනවා
.නමුත් ඊට වඩා හොද පාර්ලිමේන්තුවක් මෙතන තියෙනවා.ඒක තමයි මහජන පාර්ලිමේන්තුව කියන්නේ.මොකක්ද මේ ඇත්ත කථාව මේ කියපු සියලුම දේ අපි සනාථ කරන අතර අපි නොකියන දෙයක් තියෙනවා අර මේ රටේ ජනතාවගේ ව්‍යවස්ථාදායක විධායක අධිකරණ බලය අද කොයි තත්වයේද තියෙන්නේ.ඒකෙ මානසිකත්වය මොකක්ද අද අපි ගියොත් මැතිවරණයකට පළාත් සභා පිලිබදව මම මේ විද්වත් මහත්තරැන්ගෙන් අහනවා පළාත් සභා ඕනෙද නැද්ද කියලා ඡන්දෙකට ගියොත් නැත්තම් ජනමත විචාරණයකට ගියෙත් මොකක්ද ලැෙබන උත්තරේ හිතල බලන්න අපි වෙනස් කල යුත්තේ මොකක්ද කියලා.
අර මම කිව්ව ව්‍යවස්ථාවේ ඉන්න බලකාරයෝ මහජනතාව ඒ අය තමයි අධිකරණය වෙන්නේ ඒ අය තමයි ව්‍යවස්ථාදායකය වෙන්නේ එහෙනම් අපි වෙනස් කරන්න ඕනෙ එතන ඒක කරන්න බෑ පාර්ලිමේන්තුවට.
අද මහින්ද හදන්නේ මොකක්ද
13 පිලිගත්තා ඉන්දියාවට ගිහිල්ලා අගමැතිතුමාත් එක්ක සාකච්ඡා කරලා කිව්වා 13 නෙවේ මම 13+ දෙන්නම් කියලා. ජිනීවා වල අපේ මහ ලේඛම්තුමා අහපුවාම එය LLRC වාර්ථාවේ තියෙන හැමදේම හොයා බලන්න මං පත් කරන්නම් කිව්වා අපේ කොමිටියක්.පිට එකක් නෙවේ එකත් එතුමා පත්කරා.
දැන් අලුතින් ඇතිවෙලා තියෙන තත්වය මේක ඉතාම භයානකයි.මෙතනින් අපි පැහැදිලි කරගන්න ඕනේ ආණ්ඩුවක් තියෙනවද නැද්ද කියලා.එතනදී තමයි ඒකාධිපතිත්වයට අපි එරෙහි වෙන්නේ‍.එතනදී මේ ගිවිසුම් ඔක්කොම අත්සන් කරලා ඇවිල්ලා මේ ආණ්ඩුවේම ඉන්න ආරක්ෂක ලේඛම් මොකක්ද කියන්නේ ආණ්ඩුවේ ප්‍රධානියා කවුද විධායක ජනාධිපති මහින්ද ලේඛම් කියන්නේ රජයේ නිළධාරියෙක් මොකක්ද කියන්නේ ප්ලස් දෙන්නෙත් නෑ 13දෙන්නෙත් නෑ කියලා මේ ප්‍රශ්ණේ අද තියෙනවා මේ ගැන අද කතා කල යුතුයි. එතකොටයි මේ කියපු කරැණුවල හරය මහජනතාව අතරට යන්නේ.
අර අපි කිව්වා
LLRC වාර්ථාව ගැන හුගක් මිනිස්සු දන්නේ නෑ මේකෙ මොකක්ද තියෙන්නේ කියලා.තමුන්නාන්සේලා ඉල්ලන දේ.දැන් මේක කියන්න හදනවා ජාත්‍යන්තරෙන් අපිට පටවන්න හදන දෙයක් හැටියට.මොකක්ද මේකේ තියෙන්නේ 17වැනි ව්‍යවස්ථාව ස්වාධීන අධිකරණය ස්වාධින පොලීසිය වැරදි විදියට පත්වීම් දෙන්න බැරි මාරැ කරන්න බැරි උසස් වීම් දෙන්න බැරි රාජ්‍ය සේවයේ කොමිසන් සභාව මේවා තමයි තියෙන්නේ 17.ඒක තමයි කිව්වේ 17වැනි ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරන්න කියලා මේවා මේ රටේ සෑම පුරවැසියෙක්ම ඉල්ලන දේවල්.එතකොට උතුරේ වෙච්ච දේවල් විතරක් නෙවේ අපි නොදන්න දෙවල් තියෙනවා උතුරේ වගේම මෙහෙ සිද්ධ වෙච්ච දේවල් ඒ කාලේ.

ඒක විභාග කරන්න මේ තමුන්නානසේලායි මායි කතා කරන දේවල් පළාත් සභා පිහිටුවලා ඕන තැනට දෙන්නේ නැහැ දුන්නොත් මොකද වෙන්නේ ඊලාම් රාජ්‍යයක් ඇතිවෙනවා මේ ටික තමයි අද ආණඩුවේ ප්‍රධාන මාතෘකාව විදියට තියෙන්නේ අපි මේකට දෙන පිලිතුර මොකක්ද මම යෝජනා කරා අපේ නායකතුමාටත් ආණඩුවටත් පාර්ලිමේන්තුවේ අපි කතා කරනකොට ක්ෂණිකව සජීවීව මාධ්‍යයට දෙන්න දෙන්නේ නැහැ ඉතින් අපි කතා කරන දේවල් ඔබ තුමන්ලා දන්නේ නැහැ ලොකු වෙනසක් ඇතිවෙන්නේ පාර්ලිමේන්තුව තුලින් අද ඒක මාධ්‍යයට භාර කරලා මාධ්‍යය‍ ඕන විදියට තමා මිනිසුන්ව ඉහලට ගන්නේ දේශපාලන පක්ෂ හදන්නේ මාධ්‍යය දේශපාලන පක්ෂ නැති කරන්නේ මාධ්‍යය නායකයෝ ගොඩනගන්නේ මාධ්‍යය නායකයෝ විනාශ කරනනේත් මාධ්‍යය එහෙනම් අපිට සජීවී විකාශයක් දෙන්නේ නැතිනම් මේක තමා සජීවී විකාශය අද මේ තියෙන්නේ 3වැනි මහජන මන්ත්‍රණ සභාව මීට කලින් පැවති ඒවට මට යන්න බැරි වුණා අද මං මේකට ආවේ පක්ෂය වෙනුවෙන් දැන් මෙතන විවිධ දේශපාලන පක්ෂ වල අය ඇති දැන් මෙතන කියපු හැම දේම සත්‍යය බව අපි විශ්වාස කරනවා ඒ සත්‍යය යටපත් කරන ඇත්තක් විදියට දෙන අසත්‍යයක් තියෙනවා මං ඒ කියපු කරැණු ටික අපි මේක කොහොමද ජනතාව අතරට අරගෙන යන්නේ ඒකට ආවා ක්‍රමයක් ඒකාබද්ධ විපක්ෂය කියලා දැන් වික්‍රමභාහු සහෝදරයා අනුගමනය කරන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති නෙවේ.
වෙන වෙන ප්‍රතිපත්ති නමුත් අපි එකට එකකහු වෙලා ඉන්නවා මොකටද ඒ තමුන්නානසේලාත් එක්ක එක මන්ත්‍රණ සභාවකට එන්න

මේ රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකයි තියෙන්නේ දැන් ඒ දෙකෙනුත් තියෙන්නේ UNP එක විතරයි අනිත් ඒවා පහුවෙලා ගිහිල්ලා දැන් එහෙනම් මහජන මන්ත්‍රණ සභාවකට යමු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් දේශපාලන භේදයකින් තොරව එකට ඉදගෙන තීන්දු තීරන ගන්න පුලුවන් එක ප්‍රතිපත්තියක ඉදලා අලුත් රටක් හදන්න මොකක්ද ඒ රට මේ මාගේ ආදරණිය මව්බිමයි කියලා සෑම කෙනෙකුටම තමන්ගේ දෙපයින් නැගී හිටින්න පුලුවන් අලුත් ලංකාවක් බිහි කරන්නට අපි හැමෝම එකට එකක්හු වෙන්න ඕනා.
ඒකට තමයි ජනතාව අපි හැඩගැස්විය යුත්තේ මේ කාරණා දිහා බලන කොට මෑත ඉතිහාසයේ දෝශාභියෝගයත් එක්ක එම දෝශාභියෝගයට පක්ෂය වෙනුවෙන් නීති ප්‍රශ්ණ ගෙනාවේ මම නමුත් නිතිඥයෙක් නෙව් මං ගෙනාපු කරැණු කීපයක් තියෙනවා එකක් මේ පත් කරපු කොමිටිය වැරදියි ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකග නැහැ.
කොහොමහරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව 14 දෙනෙක් අත්සන් කරලා මේ යෝජනා ඉදිරිපත් කරපුවහම කථානායකතුමා කතාකරලා කියනවා මම දැන් 7දෙනෙකුගෙන් යුක්ත කොමිටියක් පත් කරනවා මම එතුමාට කිව්වා ඒක වැරදියි තමුන්නානසේ මේකට වගකිව යුත්තේ ජාත්‍යන්තර වශයෙන් අපි පොදුරාජ්‍ය මණ්ඩලීය සමුලුව තියන්න යනවා ඔබ තුමා ඒකේ සභාපති තමුන්නානසේගේ හෘද සාක්ෂියට එකගව මේක විභාග කරන්න පුලුවන් කොයි පක්ෂයේ හෝ 7දෙනෙක් පත් කරන්න කියලා බැහැ කිව්වා ඔන්න පලවෙනි තැන .
ඊලගට කොහොම හරි වෙලා වැරදි පිලිවෙලට මේ පරීක්ෂනේ ගිහින් අන්තිමට පාර්ලිමේන්තුවට එනවා පාර්ලිමෙන්තුවට ඇවිත් විවාද කරන දවසේ මම ඇහුවා කෝ වාර්ථාව ඒ වාර්ථාව පාර්ලිමෙන්තුවට ඇවිත් තිබුණේ නැහැ ඉතින් කථානායකතුමා දැන් ටිකක් කලබලවෙලා හොයලා බලලා කියනවා අර පුස්ථකාලේ තියෙනවා මන්ත්‍රීවරැන්ට ගන්න කියලා අපේ තියෙනවා නීතියක් පාර්ලිමේන්තුවේ යමක් කතා කරනවා නම් එම වාර්ථාව මන්ත්‍රීවරයයාගේ මේසේ උඩ එම වාර්ථාව තියෙන්න ඕනා.
එම වාර්ථාව තිබුනේ නැහැ වාර්ථාව නැතිව මන්ත්‍රීවරැ කොහොමද තීරණය කරන්නේ මේකට ජන්දේ දෙනවද නැද්ද කියලා අනිත් එක අපි කොහොමහරි එකක් හොයාගත්තයි කියමුකෝ මේ වාර්ථාව තියෙන්නේ පාර්ලිමේන්තුවේන් මේ කොමිටියට දීපු බලය චෝදනා 14ක් විමරශනය කරන්න හැබැයි මෙයාල විමර්ශනය කරේ 5යි .
මං ඇහුවා අනිත් ඒවට මොකද වුනේ මේ වාර්තාවේ තියෙන්න ඕනා ඒවට මොකද වුනේ කියලා කිසිදෙයක් නැහැ ඔප්පු වෙලා තියෙනවා එහෙමයි කිව්වේ ඒ අනිත් කාරණාව අවසානෙට ඉදලා මමයි ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමයි තිස්ස අත්තනායක මැතිතුමයි අවසානෙදී ප්‍රශ්ණයක් මතු කරා නිමල් සිරිපාලද සිල්වා සභානායක තුමා මේ CJ අයින් කරන්න ඕනි කියලා ජනාධිපතිතුමාට යෝජනාවක් කරා  දැන් ඒක උඩ තමා වාද වෙන්නේ ඉතින් අපි බලන් ඉදලා අපි අවසානෙට ඇහුවා කෝ මේ යෝජනාව ඒක න්‍යාය පත්‍රයේ නෑ ආණ්ඩුක්‍රම වළුවස්ථාවේ 107වැනි වගන්තිය යටතේ මේ විභාගය කොහොමද කරන්නේ කියලා පාර්ලිමේන්තුවට බලය දීල තියෙනවා ස්ථාවර නියෝග හදන්න ඒක හරියට හදලා නැහැ ඊලගට කියනවා තුනෙන් එකක් අත්සන් කරලා දුන්නොත් ඒ විදියේ යෝජනාවක් විවාද කරලා එම යෝජනාව ජනාධිපතිතුමට යවන්න පුලුවන් අග්‍රවිනිශ්චයකාරවරිය ඉවත් කරන්න කියලා තවත් වගන්තියක් තියෙවි 107හි තුනේ එහි තියෙන්නේ යෝජනාවක් ගේන්න පුලුවන් අර වාර්ථාව උඩ පාර්ලිමේන්තුව තීරණය කරායින් පස්සේ මේ වාර්ථාව පිලිගන්නවා කියලා.
වැඩි ජන්දයෙන් ඊලගට යෝජනාවක් ගේන්න පුලුවන් මේක බහුතරයෙන් ජනාධිපතිතුමාට යවන්න බහුතරයෙන් යවන යෝජනාව පාර්ලිමේන්තුවේ සම්මත වුනේ නැහැ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව අනුව මේකෙන් පෙන්නේ මේ පාර්ලිමේතුව වැඩ කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නෙවේ මේක රටේ හුගදෙනෙක් දන්නේ නැහැ.
දන්නේ අර මාධ්‍යයෙන් දෙන ප්‍රචාරය මාධ්‍ය හුගදෙනෙක් කර ගැහුවේ නැහැ අපි මේකෙන් මාධ්‍ය හරහා අධිකරණයට ගියා ඒක තමා අපි මාධ්‍යය එක්ක කරේ ඇත්ත කතාවට ගියෙ නැහැ.
අද ජිනීවා වලදී කතා වෙන ප්‍රධානම දෙයක් තමයි අධිකරණයේ ස්වාධීනත්වය සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ නායකයා ඉවත් කිරීම වැරදියි කියන එක තීන්දු කරලා ඉවරයි මොනද අපිට තියෙනවා අපි අත්සන් කරපු ගිවිසුම් කොහොමද පොදු රාජ්‍ය යණ්ඩලයේ පාර්ලිමේන්තුවක් තුල අධිකරණයක් තුල කටයුතු කල යුත්තේ අග්‍රවිනිශ්චයකාරතුමිය අයින් කරනවානම් නැතිනම් උසස් නීතීඥ මණ්ඩලයේ කෙනෙක් අයින් කරනවානම් ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදයට පිටින් තමා ගියේ එහෙනම් මේ ගිවිසුම මේ පාර්ලිමෙන්තුවත් මහින්ද රාජපක්ෂත් උල්ලංඝණය කරලා තියෙනවා අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙදී විතරක් නෙවේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තුවේදීත් අපි අත්සන් කරපු ගිවිසුම අහෝසි කරලා තියෙනවා ඒකයි අපි කියන්නේ අද මේ කතන්දරේ වැහිලා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාරවරිය ඉවත් කිරීම සම්බන්දව ජනතාව අතර කතාවක් නැහැ අධිකරණයේ නඩුවක් තියෙනවා විතරයි මේක තමයි ස්වභාවය මේක කවුද කලයුත්තේ දැන් මේක පාර්ලිමේන්තුවටත් බෑ මම කතා කරාට මටත් බෑ මේකෙ බලකාරයෝ ඉන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහජනතාව හැම ජනකොටසක්ම හෘදසාක්ෂියට එකගව කියනවා මේ කරපු වඩේ වැරදියි කියලා ඒත් කොහෙද නැගිටින්නේ නැගිට්න්න තැනක් නැහැ එහෙනම් අපි මේ සභාවට අපේ මන්ත්‍රීවරැන්ව ගෙන්න ගන්න ඕනා ඒ මන්ත්‍රීවරැනව පාර්ලිමේන්තුවට ඇරියේ තමුන්නාන්සේලා   තමුන්නාන්සේලා ඔය නිකන්වත් මාධ්‍ය හරහා බලනවනම් ඔය පෙන්නනකොට තමුන්ගේ පන්දම්කාරයෝ කීපදෙනෙක් කතා කරනවා මොනවද පෙන්නේ කතාකරන මිනිහව විතරයි අනිත් මිනිස්සු පාර්ලිමේන්තුවේ නැහැ හිස් පාර්ලිමේන්තුවක් අපේ මිනිස්සු මහලොකුවට වියදම් කරගෙන ගහගෙන මන්ත්‍රීවරැන්ව යවනවා මමත් පාර්ලිමෙන්තුවේ දැන් අවුරැදු 36ක් මම දැක්කේ නැහැ මගේ ජීවිත කාලේටම මේ තරම් පිරිහිච්ච පාර්ලිමේන්තුවක් .
තමුන්නාන්සේලා අපිට බලය දුන්නේ මොකටද පාර්ලිමේන්තුවට ගිහින් කතා කරන්නයි විරැද්ධ මත වලට ඇහුම්කන් දෙන්නයි ඒක කෙරෙන්නේ නැහැ ඒකයි මම කිව්වේ තමුන්නාන්සේලා ඒක හරියි කියනවනම් අපි පිලිගන්න ඕනා කොහොමද අපි මේ ප්‍රශ්ණෙට උත්තර දෙන්නේ ඒක තමයි අපි ආණ්ඩුපත් කරනවා වෙනස් කරනවා නමුත් මුලු රටේම ජනතාව එකගතාව දක්වන ඓතිහාසික පණතක් පාර්ලිමේන්තුවට ගෙනාවා ඒ තමයි 17 වැනි ව්‍යවස්ථාව ගේන්න කියලා ඔක්කොම එකග වුනා ඒක තමයා මහින්ද වෙනස් කලේ තුනෙන් දෙකකින් පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච පණතක් 18 ගෙනල්ලා ඒක ඉවර කලා ඒකට ශිරාණි බණ්ඩාරනායක මහත්මියත් වගකියන්න ඕනා ඒකට මහින්දට විතරක් බැනලා හරි යන්නේ නැහැ අපි ඔක්කොම ඉවසගෙන ඉන්නවා වික්‍රමසිංහ මහත්තයට බනිනනෙත් ඒකනේ බලගතු විපක්ෂයක් නැහැ කියලා මං දැක්කා කොයි ආගමේද කියලා මම කියන්නේ නැහැ බලගතු විපක්ෂයක් නැහැ කියලා බලගතු විපක්ෂයක් අවශ්‍යවෙන්නේ මොනාටද දැන් මෙතන මෙතුමන්ලා කියපු දේවල් බය නැතිව කට ඇරලා මේ රටට කියන්න නමුත් මොකක්ද කියන්නේ බලගතු විපක්ෂයක් නැහැ කියලා මෙන්න අද ඇත්ත තත්වය අන්න ඒ නිසයි මම අගය කරන්නේ අද තමුන්නාන්සේලා මෙතනදී විශේෂයෙන් අපේ නීතීඥ මැතිතුමා ඉදිරිපත් කල ඉතාම වැදගත් කරැණු අධ්‍යාපනයත් එක්කම මම ඒ ගැන පස්සේ කතා කරන්නම් දැන් මේ සටන කොහොමද අපි ඉදිරියට ගෙනියන්නේ හොදයි මේ සටන තුල ඉදිරියට එන්නේ එක්සත් ජාතික පක්ෂය නම් අපි එහෙම කියමු ඔක්කොම එක්කහු වෙලා මොකක්ද අපි ප්‍රත්පත්තිමය ලෙස එක්සති ජාතික පක්ෂයෙන් අපි ලබා දෙන පණිවිඩය පොරොන්දු නෙවේ මුලු රට වෙනුවෙන් අපි හදාගන්න පණිවිඩයක් දේශපාලන භේදයකින් තොරව නීති ගරැක සමාජයක් හදන්නට නීතියේ ආධිපත්‍ය හරියට ක්‍රියාත්මක වෙන්නට සෑම කෙනෙකුටම සාධාරණය ඉෂ්ට වෙන්නට ඒ ප්‍රතිපත්තිය හදාගන්න තමයි මේ මහජන මන්ත්‍රණ සභාව අපිට අවශ්‍ය වෙන්නේ.

අද මෙතන ඉන්නේ බුද්ධමත් පිරිසක් මේ අවශ්‍යතාවය සපුරන පිරිසක් අද මේ රැස්වීම ඉවර වෙලා ගියහම 10දෙනෙක්වත් පොරොන්දු වෙනවනම් මේ සටන අපි දාගටම ගෙනියනවා කියලා ඊලග රැස්වීමට අපි එයාලව ගෙන්න ගන්න ඕනා එතකොට ප්‍රමාණය වැඩිවෙනවා අද මෙතන ඉන්නේ නුවර බුද්ධිමත් ජනතාව මේ නුවර ජනතාව 10ක් කුරැණෑගලට එනවනම් හෝ වෙනත් තැනකට එනවනම් අපිට අත්වැලක් හදාගන්න පුලුවන් වෙනවා මේක අපි නිදහසේ වේදිකාව හරහා ගොඩනගා ගමු නැතිනම් මේක දේශපාලන කතාවක් විතරයි.මේක ඉදිරියට ගෙනියන්නට අපි කටයුතු කරමු.එතකොට තමයි මහජන මන්ත්‍රණ සභාවක් බවට මේක පත්වෙන්නේ. මෙතන ඉන්නව‍ බුද්ධිමත් ජනතාව කථිකාචාර්‍යවරැ නීතිඥයෝ වෘතිකයෝ මේ සියලු දෙනාගේ එකගතාවය අවශ්‍යයි.මේකට අපි කිව්වා එක්සත් ජාතික පක්ෂය රැඩිකල් ප්‍රකාශයක් කරන්න යනවයි කියලා රැඩිකල් වෙනසක් මොකක්ද ඔබතුමන්ලා මේකට යෝජනා කරනනේ මේ කියපු කරැණු යෝජනා ස්වඑෑපයකින් පරිවර්ථනය කරන්න මේක තමයි වැදගත් වෙන්නේ.අපේ අධ්‍යාපනය මෙන්න මෙහෙමයි වෙන්න ඕනේ කියලා ලොකු ලියවිල්ලක් නෙවේ.නැතිනම් මෙතනට ආණ්ඩුවේ කවුරැ ආවත් එයාලගේ ඔලුවට යන දේ තමයි කරන්නේ අපේ මතය නෙවෙයි. කම්කරැවෝ වෙනුවෙන් කිව්වා මං වෘතීය සමිති භාරව ඉන්න කෙනා හැටියට අපි තිස්සේම කියන්නේ පඩිවැඩි කරන්න කියලා.මම ඒකට විරැද්ධ නැහැ ජීවත් වෙන් අවශ්‍යයිනේ.ජීවත් වෙන්න ගේකුත් අවශ්‍යයයි බේතුත් අවශ්‍යයි.අපි එතන්ටත් අපේ අවධානය යොමුකරන තැනට පත්වෙමු.තමුන්නානසේලාට පුද්ගලික අංශයේ සේවක අර්ථසාධක අරමුදලේ දැන් තියෙනවා බිලියන 1500කට වැඩිය.සේවක භාරකාර අරමුදලේ බිලියන 150ක් විතර.නමුත් මේ අයිතිකාරයිනගෙන් කවුරැ හරි හෘදයබාදයක් හැදිලා ඉස්පිරිතාලේ ගියොත් රජය කියනවා පෝලිමේ ඉන්න ඕනා මැරෙනකම්.පුද්ගලික තැනකට ගියොත් දැන් ලක්ෂ 7ක් විතර යනවා.අර සල්ලි අතන තියාගෙන.මේ රටේ කම්කරැ ජනතාව අපි මැරෙනකම් බලාතෙක ඉන්නවා අපි යන්නේ පඩි ඉල්ලන්න.අලුතින් හිතන්න මේ සල්ලි ඔක්කොම පාවිච්චි කරන්නේ කවුද ආණ්ඩුව මේ සල්ලි අරගෙන එයාර් ලංකා එකෙන් හැදුවා මිහින් ලංකාව හම්බන්තොටවරාය හැදුවා නැවු එන්නේ නැහැ කවුද චීනෙට ගෙවන්නේ මත්තල හැදුවා ගුවන්තොටුපලක් අහස්යානා වලට තෙල් ගහන්න තෙල් ටැංකි නැහැ කවුද මේකට ගෙවන්නේ හැදුවා ලොකු විදුලි බලාගාරයක් නොරොච්චෝලේ කෑගැහුවා දැන් අපි ඉන්දියාවටත් දෙනවා විදුලිය කියලා අපිටත් නෑ.දැන් චීනෙට භාර දුන්න කවුද මේකට ගෙවන්නේ.මේ වැඩකරන ජනතාවගේ මුදල් වලින් තමයි ගෙවන්නේ.එහෙම නැත්නම් තවත් ඉන්නවා සංවිධානය නොවූ වැඩකරන ජනතාව එයාගේ සාක්කුවෙන් තමයි මේක ගන්නේ. මේ භයානක තත්වේ මිනිස්සු දන්නවා හැබැයි හරියටම තේරැණේ නැහැ තවම.එහෙනම් අපි මේ මහජන මන්ත්‍රණ සභාවෙන් අපි මේ ගෙනියන වැඩපිළිවෙල සාර්ථක කරගන්න නම් අද මේ ඉදිරිපත් කරලා තියෙන කරැණු වැදගත් කරැණු වෙනවා.

අද අපි කතා කරනවා නීතියේ ආධිපත්‍ය කඩාගෙන වැටිලා කියලා සදාචාරය කඩාගෙන වැටිලා කියලා පාර්ලිමේන්තුවට යන පළාත් සභායට යන ප්‍රාදේශීය සභායට යන මන්ත්‍රීවරැස්ත්‍රී දූෂණයට අහුවෙලා කියලා මිනීමැරැම් වලට අහුවෙලා කියලා.රජයේ නිළධාරීන් මේ වගේ දූෂණ වලට අහුවෙලා කියලා ඒ නිසා ත්‍රස්තවාදය නැතිකරන්න යුද්ධය ගෙනාව‍ ‍වගේ මොකක්ද ආණුඩුව ගේන්න යන්නේ නීතිය නීතිය ගැන කතා කරනකොට අධ්‍යාපනය ගැනත් ටිකක් කතාකරන්න මේ අධ්‍යාපනයට දෙන්න ඕන තල්ලුව අපි දෙන්න ඕනේ මනුස්සයෙක් බිහි කරන්න.දොස්තරලා ඉංජිනේරැවෝ වුනත් මනුස්සයෝ බිහිකරන්න එහෙමයි තියෙන්නේ අපේ ආගම් වල.බුදුන් වහන්සේ කිව්වේ මේකයි ක්‍රිස්තුන් වහන්සේ කිව්වේ මෙකයි. එහෙනම් අපිට ටිකක් හිතන්න තියෙනවා.මේ සමාජය නිර්මාණය කරන්නේ කොහොමද කවුද ඉතිහාසය නිර්මාණය කරේ අපේ ආගමික නායකතුමන්ලා.එතන දුන්නා අධ්‍යාපනය එක්කම ආගමික හැදියාව.එවිට නීතියෙන් කරන්න බැරි දෙයක් මේ රටේ සදාචාරයට කරන්න පුලුවන් වෙනවා.මං මේක මීට කලිනුත් කිව්වා හැබැයි ගනන් ගන්නේ නැහැ නිකම්ම නිකන් මනුස්සයෙක් බිහි කරන්න තමා හදන්නේ . අලුත් පණතක් එනවා පාර්ලිමේන්තුවට ඒක ආගම ධර්මයෙන් ඈත් වෙච්ච භයානක පණතක්.ඒක අපි කවුරැත් අධ්‍යනය කරලා නැහැ.අද මේ රටේ බෞද්ධයින්ට කියලා පාසල් නැහැ.කතෝලිකයන්ට පාසල් ටිකක් තියෙනවා ඒ නිසා එයාල කට වහගෙන ඉන්නවා.මම ඒ අයට දොස් කියන්නේ නැහැ.අද අධ්‍යාපනය යටවෙලා.මේ ආගමික නායකයෝ මේකට වගකියන්න ඕනා.මේ විප්ලවය අපිට ගෙනියන්න වෙනවා.මනුස්සයෙක් නිර්මාණය කරන්න එදා තිබුණ වැඩපිලිවෙලවල් අද නැහැ.ඒක නිසා අධ්‍යාපනය ගැන කතා කරන්න අයිතායක් නැහැ.

අවසාන වශයෙන් ඉතා විශිෂ්ඨ පණිවියක් පාර්ලිමේන්තුව තුල කතාකරන්න බැරි අලුත් කතාවක් අද මේ මහනුවර මහජන මන්ත්‍රණ සභාවේ ඉෂ්ඨ වුනා කියලා ඉතිහාසයේ ලියැවෙන වැඩ කොටසක් වුනා කියලා මම ආඩම්බරයෙන් මතක් කර දෙනවා.මේ ටිකට එක්සත් ජාතිත පක්ෂය ඔබත් එක්ක අතවැල් බැදගෙන ඉන්නවා.මීට පස්සේ පත්වෙන එක්සත් ජාතික පක්ෂය ඔවුනට විතඑක් වැඩ කරන පක්ෂයක් වෙන්න බෑ.මුලු රටේම වගකීම බාරගන්න පුල්වන් පක්ෂයක් වෙන්න ඔනා.අපි අපේ මිනිස්සු නැගිට්ටන ප්‍රතිපත්ති ටික ඉදිරියට ගේන්න වැඩ කරමු.එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් නායකතුමා වෙනුවෙන් මගේ සුබපැතුම් ඔබට පුද කරනවා.ශක්තිමක්ව ඉදිරියට ගෙනියන්න ඔබ ජය ගන්නවා කවුරැ නැතත්.බුදුන් වහනසේට හිටියේ ටික දෙනයි තිස්තුස් වහන්සේට හිටියේ ටික දෙනයි. ඒ නායකයින් මහා විප්ලවයක් කරා ඒ නිසා මේ මහජන මන්ත්‍රන සභාවට දේශපාලන භේදයකින් තොරව එන්න ඉඩදෙන්න ප්‍රශ්ණ කරන්න ඉඩදෙන්න. අද ආණ්ඩුවේ අධුරදර්ශී වැඩ පිලිවෙල ජනතාවට පැහැදිලි කරලා දීලා අපි ඔක්කොම අත්වැල් බැදගමු කියලා කියමින් ඔබ සියලු දෙනාටම ජයවේවා..

 

C
e