පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක ප්‍රියන්ත සහ කෘතිම රා බිස්නස් එක….?

0
342

asokaපුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි  අශෝක ප්‍රියන්ත මහතාට ඇත්තේ එතරම් හොද කැරැට්ටුවක් නොවන බව අප විසින් මීට පෙරද අවස්ථා ගණනාවකදි හෙළිදරව් කර ඇත්තේමු.
ඔහු එජාප පළාත් සභා මන්ත්‍රිවරයෙකු ලෙසින් සිටි සමයේදි මහින්ද රාජපක්ෂගේ දේශපාලකයන් හා එක්ව දැවැන්ත වැලි ජාවාරමක යෙදුණි.
දැන් බොරළුවලටද අත ගසා ඇත.
ඔහු පිළිබදව තවත් කථා කිහිපයක් එළියට එමින් තිබේ.
එනම් ඔහු විසින් කෘතිම රා ජාවාරමක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකු හට අතදිග හැර සහය දිමක් පිළිබදවය.
නාත්තන්ඩිය ප්‍රදේශයේ විශාලතම කෘතිම රා නිෂ්පාදනාගාරය පවත්වාගෙන යාමට මෙම නවක මන්ත්‍රීවරයාගේ ආශිර්වාදය ලැබෙන බව සිලොන් ජර්නල් වෙබ් අඩවිය විසින්ද හෙළිදරව් කර සිටි.