පාරිභෝගිකයාව ගෝරියට කැදවන පාරිභෝගික අධිකාරියේ සුරංගනා නිර්දේශයන් ????

0
68

bread_1807973bනින්දෙන් ඇහැරුනාක් මෙන් දිනෙන් දින පාරිහෝගික අධිකාරිය විසින් විවිධ ප්‍රකාශයන් නිකුත් කරති.පසුගිය කාලය තුල ඔවුන් කියා සිටියේ කිරි තේ එකක් රු 25 කට දිය යුතු බවය.
එසේම ආප්පයක් ගැනද මිළ නියම කර තිබුණි.
දැන් ඔවුන් කියන්නේ මැයි 01 වෙනිදා සිට සියළුම බේකරි නිෂ්පාදන ආයතනයන් තුල පාරිහෝගිකයාට අදාල නිෂ්පාදනයේ බරකිරිම සදහා තාරදියක් තැබිම අනිවාර්යය බවය.
මේ සියල්ල ඉතා හොදය.
එහෙත් මෙහිදි මතුවෙන ගැටළු වන්නේ අදාල රෙගුලාසියට අනුව ගැසට් නිවේදනයක් නිකුත් නොවිමය.මේ නිසා ආදල නිෂ්පාදකයාට ඉතා පහසුවෙන් ගැලවි යාමට ඉඩ සලසා තිබෙන අතර එහි ගෝරිකාරයා බවට පත්වන්නේ පාරිහෝගිකයාය.
කිරි තේ එකකට රු 25 කට වඩා අයකළ නොහැකි යැයි පාරිහෝගිකයා කියද්දි හෝටල් හිමියා කියන්නේ ඒ ගැන අපට තාම ගැසට් නිවේදනයක් මගින් දන්වා නොමැති බවය.
පාරිභෝගිකයන් විසින් මිලදී ගනු ලබන භාණ්ඩ නියමිත බරින් යුක්තදැයි කිරා මැන බැලීම සඳහා මැයි මස 01 වැනිදා සිට සියලූම බේකරි නිෂ්පාදන අලෙවි මධ්‍යස්ථානවල තරාදියක් තැබීම අනිවාර්ය කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා යැයි කියන නිතිය ගැනද අප කියන්නට වන්නේ ඉහත සදහන් කළ දේමය.
පරිහෝගික අධිකාරිය මුලින්ම බලාපොරොත්තු වන්නේ සියළුම බේකරි නිෂ්පාදකයන් මැයි 01 වෙනිදා සිට තාරදි තැබිමට තරම් කාරුණික වන බවය.එහෙත් එය එසේම සිදුනොවනු ඇත.
මන්ද එය ගැසට් නිවේදනයන් මගින් ප්‍රකාශයට පත්නොවෙන නිසාය.