පාරේ තියෙන මල් කාගේද? නදීකාගේ මල් ලාභද ..

0
536

IMG_2701mw
නදීකා ශ්‍යාමලී තුන්දරු මවක්. ගම නාත්තන්ඩියේ. මීගමුවේ මහජන බැංකුව ඉස්සරහා පිට පාරේ නදීකා බිස්නස් කරන්ඩ අරන් දැන් අවුරුදු 20ක් වෙනවා. නදීකා ඇගේ සැමියා එක්ක මුලින්ම කළේ පළතුරු ජාති විකුණන එක. දැන් මල් පැලත් විකුණනවා. එතන තියෙන ලස්සන ලස්සන මල් ජාති දැකලා පාරේ යන අය වටවෙලා ඉන්නවා මල් ගන්ඩ. මටත් හිතුණා පොඩ්ඩට මෙතන නවතින්න.
නදීකා ඇයගේ සැමියත් සමග එකතුවෙලා තමයි මේ ව්‍යාපාරය කරගෙන යන්නේ.
හැමදාම මම දකින දෙයක් තමයි,නදිකාගේ පළතුරු ලෑල්ලේ අඹ,අන්නාසි,වෙරළු,පේර නම් වරදින්නේ නෑ. ඒ වගේම තමයි බෙහෙත් නෙල්ලියි,වෙරළුයි. පළතුරු ගෙන්නේ කොළඹ ගිහින් කියලයි නදීකා කිව්වේ. මේවා ගේන්ඩ පාන්දර 3 වෙද්දී නදීකලා කොළඹ යනවා. ගිහින් උදේ 8 වෙද්දී මීගමුවට එනවා. මෙහෙම ගිහින් ගේන පළතුරු වල මිළ ,
අඹ ගෝනියක් කොල්ඹින් ගන්නේ රුපියල් 1200කට.අඹ නැති කාලෙට රුපියල් 3000 දක්වාත් ගණන් යනවලු. කරත්ත කොලොම්බ අඹ හැරෙන්න කපන අඹ සේරම ගන්නේ එකම මිළට. පේර කිලෝ එක රැපියල් 80,100,150,200 වගේ මිළට තියෙනවා. වෙරළු කිලෝ එකක් නදීකලා මේ දිනවල ගන්නේ රැපියල්  110 ටලු.
නදීකාගේ  අඹ අච්චාරු වගේම කපන පළතුරු ඔක්කොම වගේ හවස් වෙද්දී  ඉවර වෙනවා. බොහෝ වෙලාවට  ඒවා ඉතුරු වෙන්නේ නෑ.
නදීකා ශ්‍යාමලී ඇයගේ දරුවන් ගැන කිව්වේ  එක දුවක් විවාව වෙලා, අනිත් පුතා යන්නේ නාත්තන්ඩියේ ජනාධිපති විධ්‍යාලයට,බාල දූව ඉගෙන ගන්නේ ධම්මිස්සර මධ්‍ය මහා විද්‍යාලයේ කියලයි.
ඇත්තෙන්ම ඇය දිරිය මවක්. පාන්දර 3 ට නැගිටලා කොළඹ ගිහින් ඇවිත් කිසිම මහන්සියක් නෑ වගේ හිතේ දහිරියෙන් ලස්සනට මේ වගේ හැමදාම වෙළදාම කරන එක හැමෝටම කරන්ඩ පුලුවන්ද? ඒත් නදීකාගේ මුහුණේ තියෙන්නේ හරිම උත්සාහාවන්ත දිරිය පෙනුමක්. ඇත්තටම ඇය එහෙමයි කියලා එයා වෙළදාම් කරන හැටි බලාගෙන ඉද්දී පෙණුනා. වැස්සක් වැටුණත්,අව්වක් වැටුණත් නදීකට තියෙන්නේ පොඩි ගසක හෙවනක් විතරයි. වැස්සොත් ඉටිකොලෙන් බඩු ටික වහගෙන වෙළදාම් කරනවා.
මේ රටේ ආණ්ඩු වෙනස් වෙනවා. බඩු මිළ ඉහළ යනවා. ඒත් මිනිස්සු කොහොම හරි තමන්ගේ ජීවිකාවට කර ගහනවා. මල් වවන අය  හැමදාම මල් ගන්නවා. අච්චාරු කන අය හැමදාම අච්චාරු කනවා.  මෙහෙම තමයි ජීවිතේ.IMG_2711nw

IMG_2703nw

IMG_2702nwIMG_2693nw
IMG_2692nnnIMG_2688newIMG_2687nw
IMG_2696wwIMG_2701mw
IMG_2707nwtmp_4594-image-0-02-06-edb24e55e15d363a6ec789d7a429eb357556451f3ed5b614d31e42f1615e31e6-V-310168077


සටහන සහ ඡායා – කුමාරි ප්‍රනාන්දු