පාලම ලඟ හාරන වල අනතුරු දායකයි. ප්‍රවේසමෙන් ගමන් කරන්න.

0
447

IMG-20200212-WA0003

දිවුලපිටිය පාරේ මීගමුව , කටාන දේශසීමාවේ , රනිල් ලීමෝල ඉදිරිපිට ඇති පාලම අසල මේ දිනවල කානු සහ වලවල් හාරමින් යම් සංවර්ධන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව දකින්නට ඇත . මෙම හාරන වලවල් සඳහා යම් ආවරණයක් තිබෙන නමුත් එය ප්‍රමාණවත්ද යන ප්‍රශ්ණයක් මතුවේ. එහි වටකර ප්ලාස්ටික් කනු මෙන් ඇති යමක් තබා ඇති නමුත් මෙම ස්ථානයේ පවතින තත්වය මත එය ප්‍රමාණවත් නැති බව කිවයුතුය .
මෙම පාලම තුළින් නිර්මාණය වන තදබදය ගැන අප නිතර ලිව්වෙමු . ක්‍ෂනිකව නිර්මාණය වන දිගු වාහන පෝලිම නිසා එනිනෙකා තමන් ඉස්සර වීමට උත්සාහ කරන ආකාරයද දැකගත හැක . මේ අනුව ඉතා වේගයෙන් මෙම වලවල් අසලින් ගමන් කරන යතුරුපැදි සහ ත්‍රිවිල් නිසා එකිනෙක වාහන ගෑවී නොගෑවී යන අයුරු නිතර දැකිය හැක . එවැනි අවස්ථාවක් අනතුරක් වීමේ ඉඩක් ඇති අවස්ථාවක් විය හැක . එබැවින් මීට වඩා දැඩි ආරක්ෂිත පියවරක් ගැනීම ප්‍රඥාගෝචර බව අප බලධාරීන්ට අවධාරණය කරන්නෙමු .