පාසලට එන මුස්ලිම් දරුවන්ට වෙනස්කම් කරන්න ඉඩදෙන්න එපා – නි.පොලිස්පති දේශබන්දු මහතා මීගමුවේදී කියයි

0
47

139303010946277862817344(8.20pm) ලබන 06 වනදා ආරම්භ වීමට නියමිත පාසල් වාරයත් සමග පාසල් වල ආරක්ෂාව සම්බන්ධයෙන්  කටයුතු කිරීම පිලිබදව දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අද (03) මීගමුව රුක්මණිදේවී සමරු ශාලාවේදී   පවත්වන ලදී. මෙම අවස්ථාවට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා, මීගමුව ජේ්‍ය්ෂඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු කොට්ඨාශයේ පොලිසියේ ඉහල නිලධාරීන් මෙන්ම රජයේ හා  ජාත්‍යන්තර පාසල් වල විදුහල්පතිවරුන්, පුද්ගලික පන්ති වල ගුරුවරුන් හා පාසල් ප්‍රවාහන සේවා සංගමයේ නියෝජිතයින්ද සහභාගී වන ලදී.  මෙහිදී සහභාගීවූවන් ඇමතූ  නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා විසින් සියලූම පාසල් තුළ මුස්ලිම් දරුවන්ට ගුරුවරුන්ගෙන් කිසිදු ගැටළුවක් ඇතිවීමට ඉඩ නොතබන ලෙසත් එසේ වුවහොත් මෙම ප්‍රශ්නය දුරදිග ගොස් 83 ඇතිවූ දමිළ – සිංහල ප්‍රශ්නය වැනි ප්‍රශ්නයක් මතුවිය හැකි බවටත් ප්‍රකාශ කලේය.   මෙම ත්‍රස්තවාදී ක්‍රියා පිටුපස ISIS ත්‍රස්තවාදීන් සිටින බවත් ඔවුන් ලංකාවේ කතෝලික මෙන්ම  මුස්ලිම් දේවස්ථාන වලට ද ප්‍රහාර එල්ල කළ හැකි බවට තොරතුරු තිබෙන බවත් ඒ හේතුවෙන් මුස්ලිම් දේවස්ථාන වල සිකුරාදා නවත්වා තිබෙන බවත් ප්‍රකාශ කළ  අතර මේ වනවිට මෙම සිද්ධි වලට සම්බන්ධ පුද්ගලයින් 80 %ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත් පවසන ලදී.   ලබන 06 වනදා සියලූම පාසල් විවෘත වූ පසු අනුගමනය කළ යුතු ආරක්ෂිත  ක්‍රියාමාර්ග ගැන නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් දැුනව්ත් කළඅතර සියලූම රථවාහ  පාසලට මීටර් 100ක් දුරින් නැවත්විය යුතු බවත් ප්‍රකාශ කරන ලදී. එමෙන්ම ආරක්ෂාව සම්බන්ධයෙන් හදිසි තත්ත්වයක් ඇතිවුවහොත් මුළින්ම කතාකර දැනුවත් කළ යුතු දුරකථන අංකයක් ද නි.පොලිස්පතිවරයා විසින් ලබාදෙන ලදි. මෙහිදී පාසල් වල හා අවට ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති ගැටළු පිළිබඳ විදුහල්පතිවරුන්ට අදහස් ප්‍රකාශ කිරීමට ද අවස්ථාව ලබාදෙන ලදී.
0112908888