පාසල් තුළ අණතුරු හා අපදා අවම කරන්න රතු කරුසය හා සිංහ සමාජය එක් වෙයි

0
286

P1090921 n
පාසල් වේලාව ආරම්භයේ සිටම අවසානය දක්වා පාසල් තුළ හා මහා මාර්ගයේ සිදු වන අනතුරු හා අපදා අවම කිරීම සදහා ශී‍්‍ර ලංකා රතුකරුස සංවිධානයේ ගම්පහ ශාඛාවත්, 306 – බී-01 ජාත්‍යන්තර සිංහ සමාජයත් එක්ව දීර්ඝ කාලින ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.
මේ සදහා රතුකරුස සංවිධානයේ ගම්පහ ශාඛාවත්, 306 – බී-01 ජාත්‍යන්තර සිංහ සමාජයත් එක්ව  අගෝස්තු 26 වැනි සිකුරාදා දින මීගමුව, ගෝල්ඩන් බීච් ස්ටාර් හෝටලයේදී ගිවිසුමක් අත්සන් කළ අතර ඒ සදහා විශේෂිත උත්සවයක්ද පැවැත්වීය.  රතුකරුස සංවිධානයේ ගම්පහ ශාඛාවේ සභාපති ඇන්ටන් වික්ටෝරියා මහතා සහ 306 – බී-01 ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපති පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු මහතා ගිවිසුමට අත්සන් කළහ. රතුකරුස සංවිධානයේ ගම්පහ ශාඛාවේ විධායක නිලධාරී රුවන් අබේගුණවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
මෙම ව්‍යාපෘතියට අදාළව පාසල් වලින් තොරා ගන්නා සිසු සිසුවියන්ගෙන් සැදුම් ලත් ප‍්‍රථමාධාර කණ්ඩායමක්, පාසල් අසල මාර්ග වල රථ වාහන හැසිරිවීමේ ඒකක පිහිටුවනු  ලැබේ. ඊට අවශ්‍ය උපදේශකත්වය හා එම සේවාවන් සදහා අවශ්‍ය විශේෂඥ පුහුණුව සිසු දරුවන් ට ශී‍්‍ර ලංකා රතුකරුස සංවිධානයේ ගම්පහ ශාඛාව මගින් ලබා දේ. එලෙසම ඊට අවශ්‍ය භෞතික සම්පත්  306 – බී-01 ජාත්‍යන්තර සිංහ සමාජය විසින් ලබා දේ.  පාසල තුල සිදුවිය හැකි වෙනත් අපදාවන් මෙන්ම යහපත් සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිලිබදවද මනා දැනුමක් සිසු සිසුවියන්ට ලබා දේ.  මෙය අඛන්ඩ දීර්ඝකාලීන වැඩ සටහනක් ලෙස ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමටද ශී‍්‍ර ලංකා රතුකරුස සංවිධානයේ ගම්පහ ශාඛාවත්, 306 – බී-01 ජාත්‍යන්තර සිංහ සමාජයත් බලාපොරොත්තු වේ.

තුෂාර රොහාන්